Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 2026

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට
    International

    නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

    By LFNSeptember 10, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

    උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව සඳහන් කරයි.

    නේපාල හමුදාව නිකුත්කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ, අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බවය.

    මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක්ව විරෝධතාකරුවන් විසින් පුළුස්සා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මෙලෙස මියගොස් ඇත්තේ, හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන Rajyalaxmi Chitrakar ය.

    ඇයව විරෝධතාකරුවන් විසින් නිවසේ සිර කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ කත්මණ්ඩු අගනුවරදීය.

    පසුව හිටපු අගමැති බිරිඳ වන Chitrakar මහත්මියව කීර්තිපූර් බර්න් රෝහලට වහාම ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර අතරතුර මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

    ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

    සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.

    අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබුණි.

    කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.

    මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 20260125 Views

    ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට…

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.