Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට
    International

    නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම හමුදාවට

    By LFNSeptember 10, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (09) රාත්‍රී 10 සිට නේපාලයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම එරට හමුදාව ඇතුළු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

    උත්සන්න වන ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා මෙම තීරණ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් නේපාල හමුදාව සඳහන් කරයි.

    නේපාල හමුදාව නිකුත්කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ, අර්බුදයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් කණ්ඩායම් කොල්ලකෑම්, ගිනි තැබීම් සහ දේපොළ විනාශ කිරීම සිදුකරන බවය.

    මේ අතර නේපාල හිටපු අගමැතිවරයෙකුගේ බිරිඳක්ව විරෝධතාකරුවන් විසින් පුළුස්සා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

    මෙලෙස මියගොස් ඇත්තේ, හිටපු අගමැති ජාලනාත් ඛනාල්ගේ බිරිඳ වන Rajyalaxmi Chitrakar ය.

    ඇයව විරෝධතාකරුවන් විසින් නිවසේ සිර කර නිවසට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

    මෙම සිදුවීම සිදුව ඇත්තේ කත්මණ්ඩු අගනුවරදීය.

    පසුව හිටපු අගමැති බිරිඳ වන Chitrakar මහත්මියව කීර්තිපූර් බර්න් රෝහලට වහාම ඇතුළත් කළ නමුත් ප්‍රතිකාර අතරතුර මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

    ඊයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තුව අබියස විරෝධතා ආරම්භ වූයේ සමාජ මාධ්‍ය ජාලා 26ක් තහනම් කිරීමට රජය ගත් තීන්දුවට එරෙහිවය.

    සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව මෙලෙස වීථි බැස විරෝධතාවේ නිරතවූ බහුතරය අලුත් පරම්පරාවට අයත් නව යොවුන් තරුණ තරුණියන්ය.

    අවාසනාවන්ත සිද්ධි දාමයකින් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා සියල්ල යථාවත් කිරීමට නේපාල රජය අද පියවර ගෙන තිබුණි.

    කෙසේ නමුත් ඒ කිසිත් නොතකා විරෝධතා අඛණ්ඩව පැවැත්වෙන්නේ පාලක රජයට එරෙහිව දැඩි විරෝධයක් පළකරමින්ය.

    මේ වන විටි ගැටුම්වලින් සිදුවූ මරණ ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.