Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි – ජනපති
    Featured

    ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කළ යුතුයි – ජනපති

    By LFNSeptember 7, 2025No Comments3 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

    එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්කගත සැලැස්මක් ඔවුන් සතුව තිබිය යුතු බවත්ය.

    පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් නොකිරීම සහ ඒවායේ ව්‍යාපෘති කාලය දීර්ඝ කරමින්, ඇස්තමේන්තුගත වියදම ඉහළ නැංවීම හේතුවෙන් එම ව්‍යාපෘතින්හි ප්‍රතිලාභ මෙන්ම ආයෝජනය කරන මුදලේ ප්‍රතිලාභද රටට අහිමි වු බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ වසරේ සිට ආරම්භ කෙරෙන සියලු සංවර්ධන ව්‍යාපෘති නියමිත දිනට අවසන් කිරීමට කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

    මොනරාගල දිස්ත්‍රික්කය තුළ 2025 වසරට අදාළව විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සංවර්ධන අවශ්‍යතා විමසා බැලීමද මෙහිදී සිදු කෙරිණි

    ජනතාවට අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මුදල් වෙන් කිරීමට සූදානම් බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරය සතු මුදල් ගමට ගලා යාමට නම් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති වේගවත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

    කොටියාගල, කැබිලිත්ත රක්ෂිතයේ මායිම් ලකුණු කිරීම හේතුවෙන් ගොවි බිම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    දිස්ත්‍රික්කයේ විවිධ රාජ්‍ය ආයතනවල පවතින පුරප්පාඩු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම වසරේ රාජ්‍ය සේවයට අලුතින් 62,000ක් බදවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවත්, අවශ්‍යතාව පරිදි එය ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ යටතේ මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන ලෙසද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, පලාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන ඒම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා අද ගැටලුව වී ඇත්තේ රාජ්‍ය සේවය බරක් වීම නොව, රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම වෙනුවෙන් දරණ පිරිවැය අධික වීම බවද පෙන්වා දුන්නේය.

    ප්‍රාදේශීය සභාවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීමට මෙන්ම පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමටද ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

    එමෙන්ම ඇතැම් වාරිමාර්ග ව්‍යාපෘති සඳහා කෙතරම් මුදල් වැය කළද දීර්ඝ කාලයක් තිස්සේ එම ව්‍යාපෘති අවසන් වී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා පරිමාණ වාරිමාර්ග ව්‍යපෘති පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

    රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන විශාල ඉදිකිරීම් සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළ යුතු බවත්, එම ව්‍යාපෘති සැබැවින්ම අවශ්‍යද යන්න සමාලෝචනය කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා දීර්ඝ කාලයක් තිස්සේ වැඩ අවසන් කර නොමැති ආණ්ඩුවේ ඉදිකිරීම්වල අවශ්‍යතාව හඳුනා ගනිමින් ඊට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙසද උපදෙස් දුන්නේය.

    එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රජා පාදක සමිතිවලට කොන්ත්‍රාත් ප්‍රදානය කළ හැකි සීමාව ඉහළ නැංවීමට අනුමැතිය ලබා ගෙන ඇති බවත් ග්‍රාමීය සංවර්ධනය වේගවත් කිරීම එහි අරමුණ බවත් ජනාධිපතිවරයා පැවසීය.

    මොනරාගල දිස්ත්‍රික්කය සඳහා නගර සභාවක් නොමැතිවීම, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා ප්‍රාදේශීය සභාවක් ලබා දීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ගොවීන්ගේ ගැටලුවට කඩිනම් විසදුම් ලබා දීමට මැදිහත්වන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

    එමෙන්ම බුත්තල කර්මාන්ත පුරයේ බදු ඔප්පු ලබා දීමේ ප්‍රගතිය විමසා බැලුණු අතර දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් සංවර්ධනය, තැලසීමියා රෝගීන් සඳහා වෙන් වූ නේවාසික ප්‍රතිකාර ඒකකය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

    ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ, එච්.එම්. ධර්මසේන, රුවන් විජේවීර, සරත් කුමාර යන මහත්වරු ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන්ද, මොනරාගල දිස්ත්‍රික් ලේකම් එම්.එම්. විජේනායක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.