Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්
    Featured

    යළි ජාතිවාදී දේශපාලනයට රට තුළ ඉඩක් නෑ – උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

    By LFNSeptember 2, 2025No Comments4 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත් වූ ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේය.

    ජාතිවාදී දේශපාලනය කිසිවිටෙකත් පොදු ජනතාවට සේවයක් සපයා නොමැති බවත්, එය හුදෙක් දේශපාලනඥයින්ගේ මෙවලමක් පමණක් වන බව ද අවධාරණය කර සිටි ජනාධිපතිවරයා, කොතැනක හෝ කුමන ආකාරයකින් එවැනි ජාතිවාදී දේශපාලනයක් පැනනඟින්නේ නම් ජනතාව එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි තමා විශ්වාස කරන බවද මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම 30 වසරක යුද්ධය මෙරට ඉතිහාසයේ සිදුවු විශාලතම ඛේදවාචකය වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වූ බවත් පැවසු ජනාධිපතිවරයා, උතුරේ සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වූ බව ද කියා සිටියේය.

    පසුගිය මැතිවරණයේ දී රටේ ජනතාව එම තත්ත්වය පරාජයට පත්කළ බවත්, අද වනවිට යුද්ධයක් පිළිබඳ අනියත බියක් නිරන්තරයෙන් ගොඩනඟමින් දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවද සඳහන් කළ ජනාධිපතිවරයා, ආණ්ඩුව සෑමවිටම ජාතිවාදී ගැටුමක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා ඉතාම තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට කිසිවිටෙකත් බිය නොවන බවත් පැවසීය.

    “මට මතකයි පහුගිය මැතිවරණයේ දී මේ ආසන්නයට ඇවිත් මේ ජනතාව මුණගැහුණා. අපිට අවශ්‍යයි යළි විනාශයට පත්වී තිබෙන මේ ප්‍රදේශ සහ ජනතාවට ජීවය කැටුව ඒමේ උවමනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම පහුගිය මැතිවරණවලදී මේ ප්‍රදේශවල ජනතාව ප්‍රබල ඉදිරි පියවරක් තබලා අපි ගැන විශ්වාසය තබලා තියෙනවා. ඔවුන් ඉතාමත් ශක්තිමත් ඉදිරි පියවරක් ආරම්භ කරලා තියෙනවා. අප හමුවේ තියෙන අභියෝගය කුමක් ද ? අපි කෙරේ විශ්වාසය තැබූ ජනතාව, ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යෑම අපේ අපේක්ෂාවයි. ඒ සඳහා කේෂ්ත්‍ර කිහිපයක අපි වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. පළමු කොටම මේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතුයි. ඔවුන්ගේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය, මුලික අයිතින් ලෙස අපි දකිනවා. ඒ අයිතින් ආරක්ෂා කරගැනීමට ගත හැකි පියවර රැසක් අපි ආරම්භ කරලා තියෙනවා.

    දෙවනුව ඔවුන්ගේ ආර්ථික තලය ඉහළට ඔසවා තැබිය යුතුයි. පසුගිය ගැටුම් හේතුවෙන් විශාල ආර්ථික අවස්ථා අහිමිවූ ජනතාවක් මෙම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් සකස් කර දීම රජයක් ලෙස අපේ වගකීමක්. අපි එය භාරගැනීමට ලෑස්තියි. ඒ සඳහා අපි පියවර ගණනාවක් ආරම්භ කළා. උතුර කේන්ද්‍ර කරගත් නව කර්මාන්ත කලාප, උතුරු කේන්ද්‍ර කරගත් සංචාරක කේෂ්ත්‍රය, වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබාදීම ඒ වගේම ඒ ප්‍රධානම සාධකය තමා ආර්ථිකය නංවාලීමට පොල් වගාව ආරම්භ කිරීම.

    මෙම අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා අක්කර 16,000ක් මේ වසරේ වගා කරන්න. ආසන්න වශයෙන් ගොවි පවුල් 12,000ක් පමණ මේ තුළ නියෝජනය කරාවි. එය ආර්ථිකයෙන් ඉතා අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ආර්ථිකය නඟාසිටුවීමට විශාල පිටුවහලක් බවට පත්වෙන බව අපට විශ්වාසයි. අනිත් පියවර වන්නේ සංස්කෘතිකමය වශයෙන් අප තුළ ඇති කරගන්නා වූ ඒකාබද්ධතාවය. ඒ සඳහා අපි සියලුදෙනා එක්ව සැමරිය හැකි දිනයක් අපි නම්කර තිබෙනවා. ක්‍රීඩාවෙන් අන්තර් සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට අපි වෙහෙසෙනවා. යළි බෙදී ඈත් වෙලා හිටිය ජනතාව යළි ඒකාබද්ධ කරගැනීමට අපි වෙහෙසෙනවා. අපිට අවශ්‍ය වන්නේ කුමන වර්ගයේ රටක් ද? මෙතෙන බොහෝ අය ජීවිතය ගත කළේ යුද්ධය සමග.එකිනෙකා කෙරෙහි අවිශ්වාසයෙන්, සැකයෙන්, අවි අමෝරාගෙන වසර 30කට වඩා යුද්ධ කරලා තියෙනවා. එය අපේ රටේ ඇති වූ විශාලතම ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව ඈත් වුණා. බෙදුනා. ඒ තත්ත්වයන් සමග ජාතිවාදී දේශපාලනය ගොඩනැගුණා. උතුරු සහ දකුණේ බලය ලබාගන්නා ප්‍රධානතම මෙවලම බවට ජාතිවාදය පත්වුණා. එම තත්ත්වය තමා පහුගිය මැතිවරණවලදී මේ රටේ ජනතාව පරාජයට පත් කළේ. උතුරේත් දකුණේත් තමන්ගේ අහිමිවූ බලය ආරක්ෂා කරගැනීමට ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවයන්ගේ කුඩා නැගිටිලි, කෙඳිරිලි අපි දකිමින් තියෙනවා.

    ජාතිවාදී දේශපාලනයන් විසින් කිසිවිටෙක පොදු ජනයාට සේවයක් සපයා නෑ. උතුරේ ජාතිවාදය දේශපාලනඥයින්ගේ මෙවලමක්. දකුණේ පැනනඟින ජාතිවාදය දේශපාලන මෙවලමක්. පරාජය වුණු කණ්ඩායම් උපයෝගී කරගන්නා ඉතාම විනාශකාරී මෙවලමක්. ඒ නිසා අප ඔබට ආණ්ඩුවක් ලෙස එකක් සහකික කරනවා. ආණ්ඩුවක් ලෙස අපි යළි ජාතිවාදී දේශපාලනයට මේ රටේ ඉඩ තබන්නේ නෑ. ඒ වගේම මා විශ්වාස කරනවා ජනතාව ලෙස ඔබත් කොතැනක කුමන ආකාරයකින් පැනනැඟුණත් මේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා.

    අපි දන්නවා දකුණේ දේශපාලනයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නිරන්තරයෙන් ඔවුන් උතුර ගැන කල්පනා කරන්නේ, යුද්ධයක් ගැන අනියත බියක් නිරන්තරයෙන් ගොඩනගමින්, කොළඹ නගරයේ ආයුධ හම්බවෙනවා, වෙඩිතියා ගන්නවා. හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයක් ලෙස අර්ථකථනය කරනවා. උතුරේ එහෙම වුණොත් එය යුද්ධයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය කරනවා. ඒ කියන්නේ උතුර ගැන නිරන්තරයෙන් අනියත යුද බිමක් නිර්මාණය කරන දේශපාලනයක් තියෙනවා. සියලු සැලසුම්, සටන් පාඨ ඔක්කෝම සකස් කරන්නේ යුද්ධයක් ගැන අනියත බිමක් පෙන්නවමින්. අපේ ආණ්ඩුව සැමවිටම කටයුතු කරන්නේ යළි උතුරේ යුද්ධයක් ඇති වෙන්නේ නෑ. කුමන හෝ ඉඩක් තියෙනවා නම් ජාතිවාදී ගැටුමක් ඇති වෙන්න ඒ ඉඩ ඇහිරීම ගැනයි අපේ දේශපාලනය. ඒක තමා අපේ ආණ්ඩුවේ අරමුණ. නැවත අනියත බියක් ඇති කිරීම නෙමෙයි. සමගිය ඇති කිරීමේ අරමුණින් අපි වැඩ කරමින් ඉන්නවා. ඒ සඳහා ගත හැකි ඉතාම ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ. පැරණි ජාතිවාදී, විනාශකාරී ඝෝෂාවන්ට අපි ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ආපසු හැරවීමට ඉඩ තියන්නේ නෑ. ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 202609 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.