ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ එක්සත් ජාතික පක්ෂය හෝ සමග ජන බලවේගය සමඟ සන්ධාන ගත නොවන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
“අපි අපේ ප්‍රතිපත්ති මත වෙනම ගමනක් යනවා” යැයිද ඔහු සඳහන් කළේය.
කාරියවසම් මහතා මෙසේද පැවසීය. “අපි පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා වෙනුවෙන් නොවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කරන කුමන්ත්‍රණයට විරුද්ධවයි”