Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි
    Featured

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි

    By LFNAugust 31, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය.

    එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

    ”ප්‍රධානපෙළේ අපරාධ කල්ලියක් වශයෙන් කටයුතු කරපු, කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩර් සලිඳු ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙක් ඉන්දුනීසියාවේ ඉඳලා අද ලංකාවට රැගෙන ආවා. මේ වෙනකොට ඔවුන් සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. විශේෂයෙන් මේ ක්‍රියාන්විතයේදී මං හිතන්නේ අපි දීර්ඝ කාලයක් සැලසුම් කරලා විශේෂයෙන් පොලිසිය, පොලිස්පතිතුමා, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරලා දින හතක් පමණ ඉන්දුනීසියාවේ පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක නිරත වෙලා ඔවුන් අත්අඩංගුවට අරන් අද මේ රටට ගෙනාවා. ඔබ දන්නවා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වුණේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව. ඔවුන්ගේ බලය පවත්වා ගැනීම සඳහා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් භාවිතා කළා. ඒ වගේම ඔවුන් බලය පවත්වාගෙන යාම සඳහා මේ කණ්ඩායම් භාවිතා කළා වගේම ඔවුන් විවිධ ප්‍රයෝජන ඔවුන්ගෙන් ලබාගත්තා. ඔවුන්ගේ දේපල විශේෂයෙන් දේශපාලඥයන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබුණු අවස්ථා අපිට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ අත්අඩංගුවට ගත් කණ්ඩායම් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිද්ධ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙනකොට පොලිස්පතිවරයා නියෝග ලබා දීලා තියෙනවා. අපි මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරනවා. මේ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරනවා. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ පාතාල අපරාධ තවදුරටත් මේ රටේ ජනයා, පීඩාවට පත් කරමින් මේ කරන මේ දේවල් නැවැත්වීමට දැන් කාලය ඇවිල්ලයි කියලා. ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.