Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි
    Featured

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි

    By LFNAugust 31, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය.

    එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,

    ”ප්‍රධානපෙළේ අපරාධ කල්ලියක් වශයෙන් කටයුතු කරපු, කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩර් සලිඳු ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙක් ඉන්දුනීසියාවේ ඉඳලා අද ලංකාවට රැගෙන ආවා. මේ වෙනකොට ඔවුන් සියලු දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වුණා. විශේෂයෙන් මේ ක්‍රියාන්විතයේදී මං හිතන්නේ අපි දීර්ඝ කාලයක් සැලසුම් කරලා විශේෂයෙන් පොලිසිය, පොලිස්පතිතුමා, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරලා දින හතක් පමණ ඉන්දුනීසියාවේ පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුමක නිරත වෙලා ඔවුන් අත්අඩංගුවට අරන් අද මේ රටට ගෙනාවා. ඔබ දන්නවා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වුණේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව. ඔවුන්ගේ බලය පවත්වා ගැනීම සඳහා මේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් භාවිතා කළා. ඒ වගේම ඔවුන් බලය පවත්වාගෙන යාම සඳහා මේ කණ්ඩායම් භාවිතා කළා වගේම ඔවුන් විවිධ ප්‍රයෝජන ඔවුන්ගෙන් ලබාගත්තා. ඔවුන්ගේ දේපල විශේෂයෙන් දේශපාලඥයන්ගේ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබුණු අවස්ථා අපිට මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා දැන් මේ අත්අඩංගුවට ගත් කණ්ඩායම් පිළිබඳව ගැඹුරු විමර්ශනයක් සිද්ධ කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වෙනකොට පොලිස්පතිවරයා නියෝග ලබා දීලා තියෙනවා. අපි මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරනවා. මේ පිළිබඳ ගැඹුරු විමර්ශනයක් කරනවා. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ පාතාල අපරාධ තවදුරටත් මේ රටේ ජනයා, පීඩාවට පත් කරමින් මේ කරන මේ දේවල් නැවැත්වීමට දැන් කාලය ඇවිල්ලයි කියලා. ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.