Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විදේශ තානාපතිවරු දැනුවත් කරයි
    Featured

    හිටපු ජනපති රනිල් අත්අඩංගුවට ගැනීම ගැන විදේශ තානාපතිවරු දැනුවත් කරයි

    By LFNAugust 25, 2025No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතික පක්ෂයේ නායකයින් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් දැනුම්වත් කර තිබේ.

    මෙම අවස්ථාව සඳහා ජී එල් පීරිස්, තලතා අතුකෝරාල, අලි සබ්‍රි ඇතුළු දේශපාඥයින් පිරිසක් සහභාගී වී ඇත.

    එමෙන්ම මේ පිළිබඳව අනෙක් තානාපති කාර්යාල දැනුවත් කිරීම ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

    මේ අතර හිටපු ජනාධිපතිවරයාට නිදහස හා හිමි ගෞරවය ලබා දෙන ලෙස කරන ඉල්ලීම්වලට සහාය පළකරමින් නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සෝල්හයිම් සහ ඉන්දීය දේශපාලනඥයෙකු වන ශෂී තරූර් පණිවිඩ නිකුත් කර ඇත.

    එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා නිදහස් කරන ලෙස විවිධ පාර්ශ්ව සිදුකරන ඉල්ලීමට තමාගේ සහායද හිමිවන බව නෝර්වේ හිටපු විශේෂ සාම නියෝජිත එරික් සෝලහයිම් මහතා එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    ඔහු එමඟින් පෙන්වා දී ඇත්තේ 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික සහ දේශපාලනික ආගාධයෙන් රට ගොඩගැනීමට ඉදිරිපත්වූ එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවය.

    රනිල්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත බවත්, යම් හෙයකින් ඒවා සත්‍ය වූවත් ඒවා යුරෝපයේ පවා අපරාධයක් ලෙස හෝ වරදක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු පවසයි.

    දූෂණයට එරෙහිව ශ්‍රී ලංකා රජය සිදුකරන දැවැන්ත වැඩසටහනට තමාගේ පූර්ණ සහාය හිමිවන නමුත් සැබෑ ගැටලු පිළිබඳ අවධානය තබාගන්නා ලෙස එහිදී එරික් සොල්හයිම් රජයට දැනුම් දී ඇත.

    එසේම, ඉන්දීය දේශපාලනඥයෙකු වන ශෂී තරූර්ද එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවේ රඳවා ගැනීම පිළිබඳ සිය කණස්සල්ල පළ කර තිබේ.

    දශක ගණනාවක් පුරා ඔහු ජාතිය වෙනුවෙන් කළ සේවය සලකමින්, හිටපු ජනාධිපතිවරයාට ඔහුට හිමිවිය යුතු ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සලකන ලෙස එමඟින් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.