Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

    February 12, 2026

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා
    Featured

    රනිල් කියන්නේ කන්න නැති රටට ජීවය පිම්බ නායකයා

    By LFNAugust 23, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රනිල් යනු කන්න බොන්න නොතිබූ රටකට ජීවය පිම්බ නායකයා බව කිසිවිටෙක අමතක කළ යුතු නැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

    එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල,ජාතික සංවිධායක සාගල රත්නායක,උපනායක අකිල විරාජ් කාරියවසම්,උප සභාපති නවීන් දිසානායක මහත්වරු ඇතුළු එජාප නායකයෝ මීට සහභාගී වූහ.

    එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.

    අද මේ රට පාලනය වන්නේ ක්‍රෝධයෙන් වෛරයෙන් තණ්හාවෙන්ද කියලා අපට ප්‍රශ්න කරන්නට සිදුවෙනවා.රනිල් යනු මිනිසුන්ට කන්න බොන්න නැති මොහොතේ ජීවය දුන් නායකයා.කවුරුත් රටේ අභියෝගය භාර නොගත් මොහොතේ රනිල් වික්‍රමසිංහ නිර්භයව ඉදිරිපත් වී රටේ ජනතාව ජීවත් කළා.වර්තමානයේ අද රට පවතින තත්ත්වයට ගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

    එතුමා එදා අගමැති ලෙස කටයුතු කරද්දීත් එතුමාගේ නිවස පුච්චා දැමුවා.ඒත් එතුමා බය වුණේ නෑ. ඒ කාරණා වලටත් මුහුණ දීගෙන මේ රටේ ආර්ථිකය හැදුවා.එවැනි පුද්ගලයෙක්ට මෙවැනි දෙයක් වීම ගැන ඇත්තටම අප කනගාටු වෙනවා.

    අප අධිකරණයට ගරු කරනවා. නමුත් සමහර යූටියුබ් චරිත අධිකරණ තීන්දුව කලින් කියනකොට ඒ ගැන බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා.මේ ඔක්කොම දැන් දේශපාලනීකරණය වෙලා තියෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්.

    එදා අරගලකරුවන් කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බවයි. ඒ අරගලකරුවන් බලාපොරොත්තු වුණේ මේ වගේ සිස්ටම් චේන්ජ් එකක්ද?මෙහෙම ගියොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ මොකක්ද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    දේශබන්දු පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන්

    February 12, 202604 Views

    හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පත්වීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ…

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.