Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය
    Featured

    තරාතිරම වැදගත් නෑ…නීතිය ඉදිරියේ කවුරුත් පොදුයි -මහජන ආරක්ෂක අමාත්‍ය

    By LFNAugust 22, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වර්තමාන ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් සිටින බවත්, තරාතිරම නොබලා නීතිය එක ලෙස ක්‍රියාත්මක වෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    අද (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, පොලිස්පති ද ? නියෝජ්‍ය පොලිස්පති ද ? හිටපු ජනාධිපති ද ඊට අදාළ නොවන බවය.

    කවුරුන් හෝ වරදක් කර ඇත්නම් නීතිය ඉදිරියට ඔවුන්ව ගෙනඒමට පසුබට නොවන බව ද පැවසු අමාත්‍යවරයා, මේ වනවිට සිදුවෙමින් ඇත්තේ එලෙස වැරදි කරන ලද පිරිස් තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන ඒම බව ද පැවසීය.

    ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ ආර්ථික බංකොළොත්භාවයක් පමණක් නොව, සමාජ, දේශපාලනික වශයෙන් රට තුළ බංකොළොත් වී සිටි බවත් සමාජ පරිහානියට ලක්වෙමින් තිබූ රටක් ජාතික ජන බලවේගය භාරගත් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    මාස 8 – 10ක් වැනි කාල සීමාවක් තුළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආර්ථික ස්ථාවරත්වයක් රට තුළ ඇති කර ඇති බවත්, අපනයන ආදායම ඉහළ ගොස් දේශීය ආදායම වැඩි වී ඇති බවත්, උද්ධමනය පාලනය වී, සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වී ඇති බවත් ඒ අනුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට රජයක් ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බවත් ආනන්ද විජේපාල මහතා පැවසීය.

    සුබ සාධන හා සමාජ රැකවරණය මෙන්ම ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම ආණ්ඩුව ලැබූ ජයග්‍රහණයක් බවත් පැවසු අමාත්‍යවරයා, සෑමවිටම වින්දිතයින්ට සාධාරණයක් ඉටුවිය යුතු බවත්, සාධාරණත්වය මත පදනම් වූ රාජ්‍ය පාලනයක් ජාතික ජන බලවේගය ඇති කරමින් සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

    ඒ අනුව සෑම වින්දිතයෙකුටම සාධාරණත්වය, යුක්තිය ඉටු කරන බවට වූ සහතිකය රජයක් ලෙස ලබාදෙන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026011 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.