Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

    February 24, 2026

    වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක්

    February 24, 2026

    ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

    February 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම ගැන අනාවරණයක්
    Local News

    විදේශිකයින්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම ගැන අනාවරණයක්

    By LFNAugust 6, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අගෝස්තු මස 3 වනදා සිට විදේශිකයින්ට තවකාලික රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරම්භ කළ කවුළුව මඟින් මේවන විට විදේශිකයින් 120 දෙනෙකුට බලපත්‍ර ලබා දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

    ඔහු පැවසුවේ බර වාහන රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා විදේශිකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පැවතින අතර එලෙස එම බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොවන බවය.

    “අපි සංචාරක ප්‍රවාර්ධනය සඳහා සහ සංචාරකයින් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට වෙනත් රටවල තියෙනවා වගේම ලංකාවේත් කටුනායක ගුවන්තොටුපොළේ කවුළුවක් විවෘත කරා අගෝස්තු මාසයේ 3 වෙනිදා සිට තාවකාලික බලපත්‍ර ලබාදීම සඳහා. එය පැය 24 පුරාම විවෘතයි. සමහර බලපත්‍ර ඉල්ලුවට අපිට ලබාදෙන්න බෑ. විශේෂයෙන්ම ත්‍රිවිල් සහ බර වාහන ධාවනයට අපි අවසර ලබාදෙන්නේ නෑ. එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා. විදේශිකයින්ගේ වීසා කාලය අනුව මාස 2 සිට මාස 5 දක්වා වීසා බලපත්‍රයේ සහ රියදුරු බලපත්‍රයේ වලංගුතාවය මත තාවකාලික බලපත්‍රයක් ලබාදෙනවා. ඊට අමතරව අපි ස්ථීර බලපත්‍රයක් ලබාදෙනවා. ඒක අපි ගුවන්තොටුපොළේ සිදුකරන්නේ නෑ. සුපුරුදු පරිදි ඒක වේරහැර කාර්යාලයෙන් සිදුකරනවා.”

    නව මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් ද කමල් අමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළේය.

    “ජනවාරි මාසයේ සිට මේ දක්වා අපි වාහන 133,678ක් මේ වෙද්දි ලියාපදිංචි කරලා තියෙනවා. වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ 100,451ක්ම තියෙන්නේ මෝටර් සයිකල්. ඊළඟට වැඩිම තියෙන්නේ 20,535ක් මෝටර්රථ. ඊට අමතරව ද්විත්ව කාර්ය වාහන, ලොරි සහ ත්‍රිවිල් වගේ වාහන තමා බෙදිලා ගිහින් තියෙන්නේ. අපිට පේන කාර්ය තමා දිනෙන් දින ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩිවෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

    February 24, 2026

    වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක්

    February 24, 2026

    ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

    February 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

    February 24, 20260122 Views

    තාවකාලික රියදුරු බලපත්‍ර ලබා දී ඇති රියදුරන් සදහා ස්ථිර රියදුරු බලපත්‍ර ලක්ෂ 4ක ප්‍රමාණයක් මේ…

    වසරේ මේ දක්වා කාලය තුළ වනඅලි මරණ 44ක්

    February 24, 2026

    ධීවර හා නාවික ප්‍රජාවට අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්

    February 24, 2026

    ‘ඔත්තුකරු මරා හිස ඕලුගලගේ නිවසට යවන්න’ – කුලී ඝාතකයාට කලින් පොලීසිය ක්‍රියාත්මක වෙයි

    February 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.