Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළයුතුයි – අගමැති හරිනි
    Featured

    සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළයුතුයි – අගමැති හරිනි

    By LFNAugust 4, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යය සේවකයින් අචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග ඊයේ (03) යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

    විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්, ජලය, විදුලිය ඇතුළු සුභසාධන පහසුකම් පිලිබඳ මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර මෙතෙක් විසඳා ගැනීමට කටයුතු නොකළ සිසුන්ගේ පානිය ජල ගැටලුව මසක් ඇතුළත විසඳීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිරන්තර අධික්ෂණය ඒ වෙනුවෙන් යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,

    “උසස් පෙළ සමත්වෙලා වසරකට සිසුන් 40,000ක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙනවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඉගෙනුම් පහසුකම් නිසි පරිදි ලබාදීමට විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි.

    සාම්ප්‍රදායික උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවට අනාගත ජීවිතය පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල ගුණාත්මක ලෙස පශ්චාත් උපාධිය ලබා දෙන පර්යේෂණ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත්.

    විශ්වවිද්‍යාල තුළ දරුවන්ට සිදුවන විවිධ හිරිහැර, ලිංගික අඩත්තේට්ටම්, අපරාධ, බලපෑම් වගේම ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදිහට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.

    විශ්වවිද්‍යාල දරුවන් විනයක් ඇතිව තමන්ට ලැබෙන නිදහස භුක්ති විඳින්න කටයුතු කිරීමත් වැදගත්, නමුත් ඔවුන්ගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීම සුදුසු නෑ.

    අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පීඨ, සහ පහසුකම් විවිධ අයුරින් වර්ධනය කරනවා අපි දකිනවා නමුත් දරුවන්ට තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අදාල පීඨ වල පහසුකම් තියෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා.

    යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරකෂාව සහ පානීය ජල ගැටලුව සඳහා කඩිනමින් පියවර ගන්න අවශ්‍යයි. ”

    විශ්වවිද්‍යාල සිසුන් සහ විශ්විද්‍යාල පරිපාලනය නිරන්තර සහයෝගයෙන් එකඟතාව මත කටයුතු කිරීමට වගබලාගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.