Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

    November 4, 2025

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළයුතුයි – අගමැති හරිනි
    Featured

    සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළයුතුයි – අගමැති හරිනි

    By LFNAugust 4, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විශ්වවිද්‍යාලවලට ඇතුලත් වන දරුවන්ගේ ආරක්ෂාව, සුබ සාධන පහසුකම් සැපයීම සහ ඉගෙනුම් පහසුකම් පිලිබඳ විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

    යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති අතුළු අධ්‍යයන, අනධ්‍යය සේවකයින් අචාර්ය මණ්ඩලය සහ සිසුන් සමග ඊයේ (03) යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

    විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්, ජලය, විදුලිය ඇතුළු සුභසාධන පහසුකම් පිලිබඳ මෙහිදී අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වූ අතර මෙතෙක් විසඳා ගැනීමට කටයුතු නොකළ සිසුන්ගේ පානිය ජල ගැටලුව මසක් ඇතුළත විසඳීමට කටයුතු කරන ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නිරන්තර අධික්ෂණය ඒ වෙනුවෙන් යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,

    “උසස් පෙළ සමත්වෙලා වසරකට සිසුන් 40,000ක් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙනවා. ඒ දරුවන්ගේ ආරක්ෂාව, සුභසාධනය සහ ඉගෙනුම් පහසුකම් නිසි පරිදි ලබාදීමට විශ්වවිද්‍යාල වගකීමෙන් කටයුතු කළ යුතුයි.

    සාම්ප්‍රදායික උපාධියක් ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිටවන දරුවට අනාගත ජීවිතය පිළිබඳ විශ්වාසයක් ඇතිවිය යුතුයි. ඒ වගේම විශ්ව විද්‍යාල ගුණාත්මක ලෙස පශ්චාත් උපාධිය ලබා දෙන පර්යේෂණ ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම ඉතා වැදගත්.

    විශ්වවිද්‍යාල තුළ දරුවන්ට සිදුවන විවිධ හිරිහැර, ලිංගික අඩත්තේට්ටම්, අපරාධ, බලපෑම් වගේම ප්‍රචණ්ඩත්වය වහාම නතර විය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදිහට ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්.

    විශ්වවිද්‍යාල දරුවන් විනයක් ඇතිව තමන්ට ලැබෙන නිදහස භුක්ති විඳින්න කටයුතු කිරීමත් වැදගත්, නමුත් ඔවුන්ගේ නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීම සුදුසු නෑ.

    අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ පීඨ, සහ පහසුකම් විවිධ අයුරින් වර්ධනය කරනවා අපි දකිනවා නමුත් දරුවන්ට තමන්ගේ ඉගෙනීම් කටයුතු කරගෙන යාමට අදාල පීඨ වල පහසුකම් තියෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා.

    යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ආරකෂාව සහ පානීය ජල ගැටලුව සඳහා කඩිනමින් පියවර ගන්න අවශ්‍යයි. ”

    විශ්වවිද්‍යාල සිසුන් සහ විශ්විද්‍යාල පරිපාලනය නිරන්තර සහයෝගයෙන් එකඟතාව මත කටයුතු කිරීමට වගබලාගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

    November 4, 2025

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    අම්බලන්ගොඩ දී වෙඩි වැදුණු ව්‍යාපාරිකයා මරුට

    November 4, 20250121 Views

    අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව…

    අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩිතැබීමක්

    November 4, 2025

    ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිලමේ තන­තු­රට සත් කොන් සට­නක්

    November 4, 2025

    ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් 5 වෙනිදා

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.