අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවය.
ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.