හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.
ඖෂධ මිලදීගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
මේ අතර, රෝහල් රැසක මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ පිළිබඳ සඳහන් කරන්නේ දින කිහිපයක සිටය.
ඔවුන් පවසන පරිදි මේ වන විට රජයේ රෝහල් රැසක දියවැඩියාව ඇතුළු බෝ නොව රෝග, පිළිකා, ස්වසන ආබාධ ඇතුළු රෝග සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම වේදනා නාශකවල පවා හිඟයක් පවතී.
මේ අතර ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම නිර්දේශ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය ද කිසිසේත් ප්‍රායෝගික නොවීම හේතුවෙන් තත්ත්වය ව්‍යාකූල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ සඳහන් කළේය.
මේ අතර 2026 වසර සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.