Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ අඛණ්ඩව සැපයීමට ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්
    Featured

    ඖෂධ අඛණ්ඩව සැපයීමට ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට උපදෙස්

    By LFNJuly 23, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිඟයකින් තොරව ජනතාවට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම සඳහා අවැසි ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

    ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය.

    ඖෂධ මිලදීගැනීමේ සහ බෙදාහැරීමේ යාන්ත්‍රණය විධිමත් කරන ලෙසත් ඊට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

    මේ අතර, රෝහල් රැසක මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේ පිළිබඳ සඳහන් කරන්නේ දින කිහිපයක සිටය.

    ඔවුන් පවසන පරිදි මේ වන විට රජයේ රෝහල් රැසක දියවැඩියාව ඇතුළු බෝ නොව රෝග, පිළිකා, ස්වසන ආබාධ ඇතුළු රෝග සඳහා ලබාදෙන ඖෂධ මෙන්ම වේදනා නාශකවල පවා හිඟයක් පවතී.

    මේ අතර ඖෂධ සහ වෛද්‍ය උපකරණ පිටතින් මිලදී ගැනීම නිර්දේශ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛය ද කිසිසේත් ප්‍රායෝගික නොවීම හේතුවෙන් තත්ත්වය ව්‍යාකූල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ සඳහන් කළේය.

    මේ අතර 2026 වසර සඳහා දේශීය නිෂ්පාදකයන්ගෙන් ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද

    April 27, 2026

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 202604 Views

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත…

    හෝමූස් විවෘත කිරීමට සහ යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්

    April 27, 2026

    ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

    April 27, 2026

    ඩීසල් මිලදී ගැනීමෙන් සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.