Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට
    Featured

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    By LFNJuly 8, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

    අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ මෙම නිදහස් කළ බහාලුම් සම්බන්ධව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවය.

    බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් හෝ දේශපාලන අවශ්‍යතාවයක් ද නොතිබූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එල්ලවන චෝදනා සම්බන්ධව නිවැරදි පිළිතුරු ලබා ගැනීම සඳහා ඉදිරියේදී එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,

    “ඒ සිද්ධිය සිදුවූ වහාම ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනවාරි 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානාත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගේ කමිටුවක් පත් කරලා වාර්තාවක් ලබා දීලා තියෙනවා… අපි දැඩිව අවධාරණය කරනවා කිසිම විදිහකට දේශපාලන මැදිහත්වීමක්, දේශපාලන අවශ්‍යතාවයක් මත සම්බන්ධ වෙලා නෑ… මේ ඉදිරිපත් වෙන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා ගන්න, හොඳ අවබෝධයක් ලබා ගන්න මේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ලබා දෙනවා. එතකොට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ටත් මේක අධ්‍යයනය කරලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්.

    මේ වෙනකොට මේ තියන වාර්තාවේ දේවල්වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්නුත් විමර්ශනයක් සිදුවෙමින් තියෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ දේ මේ වාර්තාව ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරන එක. අපේ කිසි මැලිවීමක් නැහැ… මේ වාර්තාව අපි ඉදිරිපත් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202604 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.