Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති
    Featured

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    By LFNJuly 4, 2025No Comments3 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ග්‍රාමීය දුප්පත් ජනතාවගේ ජීවිත නඟාසිටුවීම වත්මන් රජයේ වගකීමක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ද ‘ප්‍රජාශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

    ඒ අනුව ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අත්‍යාවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    මේ වනවිට ඒ වෙනුවෙන් යම්යම් තීරණයන් ගෙන ඇති බව ද පැවසු ජනාධිපතිවරයා ආර්ථික ස්ථාවරත්වය සඳහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගෙන ඇතැයි ද කියා සිටියේය.

    ඉතා හොඳ දත්ත පද්ධතියක් මඟින් සහනාධාර ලැබිය යුතු ජනතාව නිවැරදිව හඳුනාගත් යුතු බවත් ඒ තුළින් ග්‍රාමීය ජනතාවට සහනාධාර ලබාදෙන ආකාරය නිවැරදිව සිදුකළ හැකි බවත් එයට රාජ්‍ය නිලධාරීන් අවංකව මැදිහත් විය යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

    ග්‍රාමීය ජනතාවට ආධාර ලබාදෙන සියලු වැඩසටහන් ඒකාබද්ධ කළ යුතු බව ද පැවසු ජනාධිපතිවරයා, එම කාර්ය නිසිලෙස කිරීමට ප්‍රජාශක්ති වැඩසටහන දියත් කිරීමට අරමුණු කරගත් බවත් කියා සිටියේය.

    “නව ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ යෝජනා විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා ඒ සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේ දී අපි අනුමැතිය ලබාදුන්නා. ඒ නිසා අලුත් සංවර්ධන ව්‍යාපෘති, අලුත් අයෝජන කෙරෙහි අපි අවධානය යොමු කර තියෙනවා.

    හැබැයි දත්ත ඇතුළේ ආර්ථික ස්ථාවරත්වයන්, ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තාට ප්‍රමාණවත් නෑ ඒ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලාගෙන යන්නේ නැත්නම්. ඒ නිසා අපි මුහුණදී ඇති අභියෝගය තමයි එක් අතකින් අපි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත යුතුයි. අනෙක් අතින් අපි ආර්ථිකයේ ප්‍රශාරණයක් අත්පත් කරගත යුතුයි. එය ග්‍රාමීය ජනතාව දක්වා ප්‍රශාරණය විය යුතුයි. ග්‍රාමීය ජනතාවට ආර්ථික අවස්ථා උරුම වන්නේ නැත්නම් ඔවුන්ට ආර්ථිකය සමග සබඳතාවයක් නැතිනම් සාමාන්‍ය ජනතාව යනු ආර්ථිකයෙන් විතැන් කළ පිරිසක්. ඒ නිසා අපේ ප්‍රධානම ප්‍රවේශය වන්නේ, ආර්ථිකය ප්‍රශාරණය කිරීමත්, ග්‍රාමීය විසිරුණු ජන ප්‍රජාවන් එම ආර්ථිකයේ පංගුකරුවන් කරගැනීමත්ය.

    තමන් මේ මොහොතේ නියැලෙන ජීවනෝපාය වඩාත් ලාභදායි ව්‍යාපෘතියක් බවට පත්වන්නේ නැත්නම් එම ජනතාවට ප්‍රතිලාභ ගලා යන්නේ නෑ.

    ඒ නිසා අපේ අභියෝගය තමා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතුයි. ආණ්ඩුවේ ප්‍රමුඛතාවයක් ලෙස එය සලකනවා. දුප්පත්භාවය පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන එනවා. එම දුප්පත් ප්‍රජාව සමාජයෙන් කොන් කරන ලද පිරිසක් බවට පත්වෙනවා. ඒ නිසා ආණ්ඩුවේ ප්‍රමුඛතාවය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමයි.

    දුප්පත් රේඛාවත් නූගත් රේඛාවත් සමපාත වෙලා තියෙනවා. දුප්පත්භාවය සහ අධ්‍යාපන හැකියාව අතර සබඳතාවයක් තියෙනවා. අධ්‍යාපනික වශයෙන් වර්ධනය කර ගැනීමත් දුප්පත්භාවය තුරන් කිරීමේ ප්‍රබලම මෙවලමක්. මේ වෙලාවෙත් ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන ජන ප්‍රජාවක් ඉන්නවා. එවැනි ජන ප්‍රජාවක් නොමැති මොහොතක් නෑ. සෑමවිටම ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන අවස්ථාවන් නොලැබෙන ජන ප්‍රජාවක් ඉන්නවා. අන්න එතකොට තමා ආණ්ඩුවේ වගකීම වෙන්නේ ඒ ජනතාව බලාගැනීමට සහනාධාර වැඩපිළිවෙලක් අවශ්‍යයි.

    සහනාධාර කියන්නේ නරක මෙවලමක් නෙමෙයි. ඒ නිශ්චිත මොහොතේ එම ජන ප්‍රජාව රැකබලා ගැනීම ආණ්ඩුවක වගකීමක්. හැබැයි මෙම වගකීම සැලකිය යුතු මට්ටමකින් අවභාවිතා වෙලා තියෙනවා. එය දේශපාලනික මෙවලමක් බවට පත් වෙලා. සහනාධාර වැඩපිළිවෙල පිළිබඳ සැලකිය යුතු මට්ටමකින් විවේචනයක් එල්ල වී තිබෙන්නේ සහනාධාර වැඩපිළිවෙල සැලකිය යුතු මට්ටමකින් දේශපාලනීකරණයට ලක්වෙලා නිසයි. ඒ නිසා අපේ ඉලක්කය අපි පැහැදිලිව කියනවා ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබාදීම තමා ජාතික ජන බලවේග අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

    අද අපේ රටේ සංස්කෘතිය මොකද්ද ? කුමක් හෝ දෙනවා නම් ලබාගැනීමත් සඳහා පොරබැඳීමක් තියෙනවා තමන්ට සුදුසුද නැද්ද තමන්ට හිමිකමක් තියෙනවා යන සහතිකයෙන් තොරව ඒ නිසා අපි ඉතාම ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය කරනවා, ලැබිය යුතු කෙනා කවුද ? සොයන්න. ඉලක්ක සහගත සහනාධාර වැඩපිළිවෙලක් අවශ්‍යයි. හැබැයි සහනාධාර වැඩපිළිවෙලින් පමණක් හැමදාම රඳා පවතින්න බැරි බව ඇත්ත. හැබැයි හැමදාම සහනාධාර වැඩපිළිවෙලක් අවශ්‍යයි. හැබැයි එකම කෙනාට, එකම ප්‍රජාවට නොවිය යුතුයි. ඒකයි වෙනස.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202603 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.