Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

    February 25, 2026

    මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

    February 25, 2026

    ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

    February 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි
    Local News

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    By LFNJuly 3, 2025No Comments2 Mins Read107 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ.

    මෙම ගිවිසුම යටතේ ප්‍රතිව්‍යුහගත කරන ලද ඇස්තමේන්තු ගත ණය ප්‍රමාණය යුරෝ මිලියන 30කි.

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට මෙම ගිවිසුම අත්සන් කිරීම තුළින් හැකියාව ලැබෙනු ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    මෙම ද්විපාර්ශ්වික ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම වෙනුවෙන් විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ Gyorgyi Rehoregh සහ විදේශ ආයතනික අවදානම් කළමනාකරණ සහ හිමිකම් සහ අයකරගැනීම් අධ්‍යක්ෂ මණ්ඩලයේ හිමිකම් සහ අයකරගැනීම් ප්‍රධානී Adrienn Hegyi Szénásine අත්සන් කරන ලදි.

    නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමෙන් හා ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව, හංගේරියානු අපනයන ණය රක්ෂණ සමාගම, හිඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ණය සහන පියවරක් ලබාදීමට එකඟවී තිබේ.

    හංගේරියානු අපනයන ණය රක්ෂණ පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

    February 25, 2026

    මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

    February 25, 2026

    ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

    February 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

    February 25, 20260122 Views

    ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට…

    මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

    February 25, 2026

    ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

    February 25, 2026

    ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

    February 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.