Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්
    Local News

    ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

    By LFNJune 30, 2025No Comments2 Mins Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

    අද (29) සහ ඊයේ (28) දින දෙක තුළ වාර්තා වු ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් තුනකින් ධීවරයින් පස් දෙනෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටියි.

    තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගලක ගැටීමෙන් අනතුරට ලක්ව තිබු අතර එහිදි ධීවරයින් සිව් දෙනෙකු ඩිංගි බෝට්ටුවක් මාර්ගයෙන් දිවිබේරාගැනීමට සමත්ව තිබුණි.

    සෙසු ධීවරයින් දෙදෙනා අතුරුදන්ව තිබූ අතර ඉන් එක් අයෙකුගේ මළ සිරුරක් අද පස්වරුවේ සොයාගත් බව නාවික හමුදාව පැවසීය.

    බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් පෙරළීයාමෙන් එහි සිටි ධීවරයින් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව තිබු අතර ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු අද උදෑසන බෙන්තර වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

    මියගොස් ඇත්තේ අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි.

    දෙවිනුවර ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය “දිනේෂ් – 4“ බහුදින ධීවර යාත්‍රාව වෙළෙඳ නෞකාවක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් අතුරුදන් වූ ධීවරයාගේ මළ සිරුර මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

    එම ධීවර යාත්‍රාව වෙළෙඳ නෞකාවක ගැටීමෙන් අනතුර සිදුව තිබු අතර ධීවරයින් හය දෙනෙකු රැගත් යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු පමණක් දිවි බේරාගැනීමට සමත් විය.

    එහි සිටි ධීවරයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ සොයාගත් අතර අතුරුදන් වූ අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි.

    නෞකාවේ ගැටී පෙරළි ගිය එම යාත්‍රාව තුළ පැය ගණනාවක් සිරවී සිටියදී නාවික හමුදාව විසින් මුදාගත් ධීවරයා මේ වන විටත් ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.