Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ද්විතීක හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල්
    Featured

    ද්විතීක හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල්

    By LFNJune 28, 2025No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට ලබාදීමේ පරමාර්ථය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි ඔසුසල නාරහෙන්පිට දී ඊයේ (27) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    එයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ නවීන තාක්ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගාරයේදී අවස්ථා හතකරදීම පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පමණක් මෙම ඖෂධ වෙළෙඳපොළට නිකුත් කරන බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන බවය.

    එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට 2024 වසරටම ටෙන්ඩර් 68ක් පමණක් සිදුකර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 05 තුළ පමණක් ටෙන්ඩර් 268ක් සිදු කර ඇති බවත් අමාත්‍යයා මෙහිදී පැවසීය.

    ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදී සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ම ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රජයන් සහ රජයන් අතර ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ ද අවසන් අදියරේ පවතින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.