Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ද්විතීක හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල්
    Featured

    ද්විතීක හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි රජයෙන් ඔසුසැල්

    By LFNJune 28, 2025No Comments1 Min Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ඇති ද්විතීයික හා තෘතීයික රෝහල් 130ම ආවරණය වන පරිදි සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් ආශ්‍රිතව රාජ්‍ය ඔසුසල පිහිටුවීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට ලබාදීමේ පරමාර්ථය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 65 වැනි ඔසුසල නාරහෙන්පිට දී ඊයේ (27) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    එයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ නවීන තාක්ෂණ උපකරණ යොදා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ තත්ත්ව රසායනාගාරයේදී අවස්ථා හතකරදීම පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු පමණක් මෙම ඖෂධ වෙළෙඳපොළට නිකුත් කරන බැවින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ජනතාවට විශ්වාසයෙන් යුතුව ඖෂධ ලබා ගැනීමට හැකියාව ලැබෙන බවය.

    එමෙන්ම ඖෂධ මිලදී ගැනීමට 2024 වසරටම ටෙන්ඩර් 68ක් පමණක් සිදුකර ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස 05 තුළ පමණක් ටෙන්ඩර් 268ක් සිදු කර ඇති බවත් අමාත්‍යයා මෙහිදී පැවසීය.

    ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත කාලය තුළ සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසරේදී රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ නියමිත පරිදී සහ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් ම ලබා දීමේ හැකියාව රජයට පවතින බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රජයන් සහ රජයන් අතර ඖෂධ ලබා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ ද අවසන් අදියරේ පවතින බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202602 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.