Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි – ජනපති
    Featured

    මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජයට බෞද්ධ දර්ශනය තුළින් අධ්‍යාත්මික ජීවය ලබා දිය හැකියි – ජනපති

    By LFNJune 22, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.

    ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය.

    ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි.

    ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.

    අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාරධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබා දීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරිමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී.

    වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළද සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙ‍ළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 202505 Views

    මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුල්කාරීත්ව වැඩ පිළිවෙල යටතේ පෞද්ගලික සමාගම් වලට පැවරීමට…

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.