Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 2026

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ නගර සභාවේ ගිලිහුණු බලය ගැන සජිත් කියන දේ
    Featured

    කොළඹ නගර සභාවේ ගිලිහුණු බලය ගැන සජිත් කියන දේ

    By LFNJune 17, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදී මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කිරීඹට ඉහළ තැනකින් බලපෑම් ලැබුණේද යන්න දැන ගැනීමට අවශ්‍ය වන බවත් මේ වන විට ස්ථාන ගණනාවක මෙම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් වන බවය.

    මේ හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය.

    පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවක සභාපති සහ උප සභාපති තේරීමේදී මාර්ගෝපදේශ පිළිබඳ පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බවත් පැවසූ විපක්ෂනායකවරයා පැවසුවේ මෙම කාර්ය නියමිත ආකාරයට ක්‍රියාත්මක වූ අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවය.

    එය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සඳහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

    මාර්ගෝපදේශවල 07 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සඳහන් කර ඇති බව විපක්ෂනායකවරයා එහිදී එක් එක් සභිකයාගේ නව අඬගසා විසන ආකාරය සඳහන් ඇති බවත් පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරීම තුළ සභාවල බලය ලබා ගැනීම හේතුවෙන් අත්තනෝමතික ලෙස මෙම මාර්ගෝපදේශ වෙනස් කිරීමට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවය.

    කොළඹ නගර සභාවේ සභිකයින් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හැරීම ගැටළුවක් බවත් එම මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට අවශ්‍ය ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා පැවසුවේ දින කිහිපයකට පෙර පවා විමසූ අවස්ථාවේදී පවා මෙම මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ වන විට මාර්ගෝපදේශ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවය.

    ඒ අනුව මේ සම්බන්ධව ඉහළ පාර්ශ්වයකින් බලපෑම් ලැබුණේද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බැවින් මෙම ක්‍රියාවට එරෙහිව ගත යුතු සෑම පියවරක්ම ගන්නා බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද

    April 28, 2026

    ‘ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද

    April 27, 2026

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    විශේෂ මෙහෙයුම් මගින් සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට

    April 28, 202600 Views

    දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ…

    ඉන්දුනීසියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

    April 28, 2026

    දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත්‍රික්කවල අන්තර් නිවාස ඉදිකිරීම් මැයි මුල සිට

    April 28, 2026

    මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.