Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය
    Featured

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය

    By LFNJune 16, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය.

    ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය.

    මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය.

    ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන අභියෝග සහ එයින් ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    කෙසේ වුවත්, මෙම අවදානම් ඵලදායී ලෙස කළමනාකරණයටත්, ඒවායේ බලපෑම අවම කිරීමටත් සුදුසු පියවර ගනිමින් සිටින බව ජනපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට පැවසීය.

    ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ පවත්වන වෙළෙඳ සබඳතාව, විශේෂයෙන්ම මෙරට අපනයනවලින් 23%කට යුරෝපා සංගමයේ වෙළඳපොළවලට ප්‍රවේශය ලබාදෙන GSP+ වෙළෙඳ සහනය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.

    ආයෝජන අවස්ථා පුළුල් කිරීම සඳහා රජයේ කැපවීම අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කිරීම, ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒමට රුකුලක් වනු ඇති බවද පැවසීය.

    වත්මන් පාලනය ජනතාව කේන්ද්‍ර කරගත්තක් බවත්, මහජන අභිලාෂයන් සමඟ සමපාත වෙමින් රට ඉදිරියට ගෙන යාමට රජය කැප වී සිටින බවත් ජනපතිවරයා යළි අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය මෙහිදී ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කළාය.

    දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ඇගයීමට ලක් කළාය.

    එසේම, රජ්‍ය පාලන ප්‍රතිසංස්කරණවලදී රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙම උත්සාහයන් තිරසාර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ක්‍රියාවලියේ ස්ථිර හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවට මෙහිදී ගෝපිනාත් මහත්මිය සහතික වූවාය.

    කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 2026

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග යුදමය තත්ත්වය සමග මෙරට ගුවන්ගමන් වාර 205ක් අවලංගු වෙයි

    March 3, 20260114 Views

    මැදපෙරදිග මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් මේ වන විට සම්පූර්ණ ගුවන් වාර 205ක් අවලංගු වී…

    මැදපෙරදිග අර්බුදය හේතුවෙන් විදෙස් රටවලට තෑපැල හරහා භාණ්ඩ යැවීමේ ප්‍රමාදයක් – තැපැල්පති

    March 3, 2026

    හිටපු ඇමති ජි. එල් ගෙන් ජනපතිට ලිපියක්

    March 3, 2026

    මැදපෙරදිග යුදමය තත්ත්වය ගැන රජයේ ස්ථාවරය ජනපති කියයි

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.