Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන ඇමති හඳුන්නෙත්ති කළ හෙළිදරව්ව
    Featured

    සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන ඇමති හඳුන්නෙත්ති කළ හෙළිදරව්ව

    By LFNJune 2, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01)ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේය.

    ඔහු එහිදී පෙන්වා දුන්නේ සීනි කර්මාන්තශාලාව වසා දැමීමේ අවදානමක් පවතින බවට ගොවීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ඔවුන්ගේ දේශපාලනික වුවමනා මත බවයි.

    ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න භාරගැනීම අත්හිටුවා ඇතැයි මැයි 29 වනදා ප්‍රදේශයේ ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.

    ඔවුන් එහිදී කියා සිටියේ කම්හලේ යන්ත්‍රෝපකරණ , මෙවලම් පසුගිය මැයි 21 වනදා සිට අක්‍රීයවී ඇති බවත්, ආයතනය පාඩු ලබන බවත් පවසමින් බලධාරීන් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත්ය.

    එම චෝදනා සම්බන්ධයෙන් එදිනම අද දෙරණ ලංකා සීනි සමාගමේ සභාපති සදමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් විමසූ විට ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එදින රාත්‍රියේ කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් නොමැති බවය.

    ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ විෂය භාර අමාත්‍යවරයා අදාළ ප්‍රචාරය පිටුපස දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක බවට චෝදනා කර සිටියේය.

    මේ අතර දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි කිලෝවක් ඉදිරියේදී රුපියල් 236ක මිලකට කම්හල්වලින් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202504 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.