Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 2026

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026

    ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන ඇමති හඳුන්නෙත්ති කළ හෙළිදරව්ව
    Featured

    සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන ඇමති හඳුන්නෙත්ති කළ හෙළිදරව්ව

    By LFNJune 2, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙවනගල සීනි කර්මාන්තශාලාව වසාදැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (01)ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේය.

    ඔහු එහිදී පෙන්වා දුන්නේ සීනි කර්මාන්තශාලාව වසා දැමීමේ අවදානමක් පවතින බවට ගොවීන් යැයි කියාගන්නා පිරිසක් පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇත්තේ ඔවුන්ගේ දේශපාලනික වුවමනා මත බවයි.

    ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න භාරගැනීම අත්හිටුවා ඇතැයි මැයි 29 වනදා ප්‍රදේශයේ ගොවීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේය.

    ඔවුන් එහිදී කියා සිටියේ කම්හලේ යන්ත්‍රෝපකරණ , මෙවලම් පසුගිය මැයි 21 වනදා සිට අක්‍රීයවී ඇති බවත්, ආයතනය පාඩු ලබන බවත් පවසමින් බලධාරීන් තම අස්වනු මිලට ගැනීම ප්‍රතික්ෂේප කරන බවත්ය.

    එම චෝදනා සම්බන්ධයෙන් එදිනම අද දෙරණ ලංකා සීනි සමාගමේ සභාපති සදමාලි චන්ද්‍රසේකර මහත්මියගෙන් විමසූ විට ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එදින රාත්‍රියේ කර්මාන්ත සහ ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේද සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසීයාමේ අවදානමක් නොමැති බවය.

    ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ විෂය භාර අමාත්‍යවරයා අදාළ ප්‍රචාරය පිටුපස දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක බවට චෝදනා කර සිටියේය.

    මේ අතර දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි කිලෝවක් ඉදිරියේදී රුපියල් 236ක මිලකට කම්හල්වලින් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි

    April 28, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද

    April 28, 2026

    ‘ඒහි පස්සිකෝ’ සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ශ්‍රී පාදස්ථානය ඇතුළු තවත් ස්ථාන කිහිපයකට කේබල් කාර් පහසුකම් සැපයීමට අවධානය

    April 28, 202601 Views

    ශ්‍රී පාදස්ථානය ඇතුළු සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන්…

    රැඳවියෙකු මියයෑමේ සිද්ධියට අදාළ බන්ධනාගාර නිලධාරීන් තිදෙනා රිමාන්ඩ්

    April 28, 2026

    ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි

    April 28, 2026

    ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධියේ පෙත්සම් විභාගය අවසන්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.