Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 2026

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩනගන බවට ජනපතිගෙන් පොරොන්දුවක්
    Featured

    ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩනගන බවට ජනපතිගෙන් පොරොන්දුවක්

    By LFNMay 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි.

    අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.

    ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී “පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව” තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය.

    රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදු කළ නොහැකි බවත්, වටිනා හර පද්ධතින් සහ වටිනාකම් මත ගොඩනැගෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළැඹ සිටීමේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ “උජුපටිපන්න” ගුණයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යාමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහා ගැනීම උන්වහන්සේට සිදු කළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට TRCයෙන් මූල්‍ය පරිත්‍යාගයක්

    January 2, 202602 Views

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභසාධනය සඳහා වෙන්කරන ලද…

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.