Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩනගන බවට ජනපතිගෙන් පොරොන්දුවක්
    Featured

    ශිෂ්ටත්වයෙන් යුත් සමාජයක් ගොඩනගන බවට ජනපතිගෙන් පොරොන්දුවක්

    By LFNMay 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදු ජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති “ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි.

    අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.

    ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී “පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව” තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය.

    රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදු කළ නොහැකි බවත්, වටිනා හර පද්ධතින් සහ වටිනාකම් මත ගොඩනැගෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළැඹ සිටීමේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ “උජුපටිපන්න” ගුණයද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යාමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහා ගැනීම උන්වහන්සේට සිදු කළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.