Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් දැඩි තීන්දුවක්
    Featured

    සජබ ජ්‍යේෂ්ඨයින්ගෙන් දැඩි තීන්දුවක්

    By LFNMay 28, 2025No Comments2 Mins Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුමන ගැටලු පැවතියද පක්ෂයේ තීරණවලට එකඟ වියයුතු බව සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයින්ගේ මතය වී තිබේ.

    පක්ෂ තීරණවලට අනුව කටයුතු කිරීමට පක්ෂයේ සියලු සාමාජිකයින්ගේ වගකීම බවද ඔවුන් පෙන්වාදෙයි.

    සමගි ජන බල⁣වේගයේ ආසන සංවිධායකවරුන් කිහිපදෙනෙකු පසුගියදා එම ධුරවලින් ඉල්ලා අස්විය.

    පළාත් පාලන මැතිවරණයෙන් පසු එම පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කිරීමේදී මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස එම සංවිධායකවරුන් සිය සංවිධායක තනතුරින් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    ඒ අනුව බණ්ඩාරවෙල ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, හොරොව්පොතාන ආසන සංවිධායක අනුර බුද්ධික, දඹුල්ල ආසන සංවිධායක නීතීඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිධායක වූ රංජිත් අලුවිහාරේ, නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල, ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන පිරිස් මෙලෙස සිය සංවිධායක තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව ඔවුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යොමු කර තිබේ.

    සමගි ජන බලවේගයේ පක්ෂ අභ්‍යන්තර අර්බුද මීට මාස කිහිපයකට පෙර සිටම නිර්මාණය වූ අතර එම අර්බුදවල තවත් දිගුවක් ලෙස පළාත් පාලන නියෝජිතයින් පත් කරගැනීමේ ගැටලුකාරී තත්ත්වය දැකිය හැකි අතර ඒ අනුව මෙම සංවිධායකවරුන් සිය සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

    මේ වනවිට පළාත් පාලන ආයතන සඳහා සමගි ජන බලවේගයේ නියෝජිතයින් පත් කරගැනීමේ අර්බුදය ඔඩුදුවමින් පවතින අතර ඒ සම්බන්ධව තවත් ආසන සංවිධායකවරුන් රැසක් පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණ හේතුවෙන් දැඩි කළකිරීමට පත්වී ඇතැයිද වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,388 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250120 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.