Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව
    Gossip

    එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව

    By LFNMay 26, 2025No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ.

    තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    “The Sun” පුවත්පත සමඟ පැවති සම්මුක සාකච්ඡාවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තරගය අතරතුරටදී “සූරා කෑමට ලක් වූ” බවය.

    ඇය පවසා ඇත්තේ තරගකරුවන්, අනුග්‍රාහකයින් සහ අමුත්තන් යන පිරිසට සංග්‍රහ කිරීම සඳහා පැවති උත්සවවලදී තමන්ට දැඩි අපහසුතාවයක් දැනුණු බවය.

    “අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටියා. අපි මුළු සවසම ඔවුන් සමඟ වාඩි වී සිටියා. ඔවුන්ට ස්තූති කරනවා වගේ. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා.” “මේක හරිම වැරදියි, කියලා මම හිතුවා. මම මෙහි ආවේ මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා පුහුණු වීමට නොවේ.” උත්සවය කළමනාකරණය කළ ආකාරය ගැන කලකිරීම ප්‍රකාශ කරමින් ඇය මේ බව පවසා ඇත.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ එම අවස්ථාවේදී “ඔවුන් මාව ගණිකාවක් ලෙස හැඟෙව්වා” යනුවෙනි.

    “කවදාවත් මම ඒ තත්ත්වයට පත්වේ යැයි අපේක්ෂා කළේ නැහැ. අපි මේ අය සතුටු කිරීමට වඳුරන් වගේ එහි වාඩි වී සිටියා. මට එය දරාගත නොහැකි වුණා.”

    තරගය අතරමැදදී ඉවත්වීමට මේගී ගත් තීරණය රසිකයින්ට මෙන්ම සෙසු තරගකාරිනියන්ටද කම්පනයක් ඇති විය.

    කෙසේ නමුත් මීට දින තුනකට පෙර ඇය තරගයෙන් ඉවත් වු අවස්ථාවේ ඇය පවසා ඇත්තේ ඇති වූ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට තීරණය කළ බවය.

    මේ අතර ඇයගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් 2025 ලෝක රූ රැජින තරගයේ සංවිධායක මණ්ඩලයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන් වේ.

    එමෙන්ම තරගයට එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා Miss England 2024 තරඟයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට් එක්වීමට නියමිත බව සඳහන් වේ.

    එළැඹෙන 31 වනදා මිස් වර්ල්ඩ් 2025 අවසන් මහා තරගය ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.