Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 2026

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට
    Featured

    දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලට

    By LFNMay 25, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

    අධිකරණ නියෝගයකට අනුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔහු බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමීණි බී දිසානායක මහතා සඳහන් කළේය.

    T56 වර්ගයේ ගිනිඅවියක් හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

    ඒ අනුව දුමින්ද දිසානායක මහතා මැගසීන් බන්ධනාගාරයට ඇතුළත් කෙරුණු අතර ඔහුට ප්‍රථිකාර ලබා දියයුතු බවට අධිකරණ නියෝගයක් ලැබී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඔහු මේ වනවිට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

    හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ ලේලිය T56 වර්ගයේ රන් හා රිදී ආලේපිත ගිනිඅවියක් සමග වැල්ලවත්ත පොලිසිය මගින් පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගෙන තිබුණි.

    හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ සේවය කළ අරක්කැමියෙක් මීට මාස 6කට පමණ පෙර මෙම ගිනිඅවිය තමන්ට ලබාදුන් බවයි ඔවුන් පොලීසියට ප්‍රකාශ කර තිබුණි.

    ඒ අනුව අදාළ අරක්කැමියාද රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූනි 5 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබූ බව සඳහන්ය.

    සිදුකළ වැඩිදුර විමර්ශනවල දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසුවේ දුමින්ද දිසානායක යන අය විසින් අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ලබාදී ගිනිඅවිය තිබූ පාර්සලය යළි දැනුම් දෙනතුරු ඇය සන්තකයේ තබාගන්නා ලෙස දැනුම් දී ඇති බව කියා සිටියේය.

    මෙම ගිනිඅවිය සැකකාර දුමින්ද දිසානායක මහතාගේ පියාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ගිනිඅවියක් වන අතර ඊට බලපත්‍රයක් ඇති බවට මෙතෙක් අනාවරණය වී නොමැති බව ද එම නිලධාරීන් පෙන්වා දුනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 සම්බන්ධව සිද්ධියේ නිලධාරීන් 05 දෙනෙකුට විදෙස් ගමන් තහනමක්

    April 28, 2026

    ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    සත්ව කොටස් සමඟ 4ක් අල්ලයි

    April 28, 202600 Views

    ගුවන් හමුදා බුද්ධී තොරතුරක් මත ගලේවෙල ප්‍රාදේශයෙදී  වනජීවි නිළධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව…

    මත්ද්‍රව්‍ය සමග හසුවූ චීවරධාරීන් සම්බන්ධව ජනපති සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර හමුවක්

    April 28, 2026

    මුදල් ලේකම් සහ මහ බැංකු අධිපති බ්‍රහස්පතින්දාට මුදල් කමිටුවට කැඳවයි

    April 28, 2026

    මියගිය සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුවට ගෙනා සහෝදරයෙක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.