Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගය කරමින් ජනපතිගෙන් පණිවිඩයක්
    Featured

    ඉන්දු – පාකිස්තාන සටන් විරාමය අගය කරමින් ජනපතිගෙන් පණිවිඩයක්

    By LFNMay 12, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාම එකඟතාව අගය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක පණිවිඩයක් නිකුත් කර තිබේ.

    එම තීන්දුව දෙපාර්ශ්වයේම අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පණිවිඩයෙන් පවසා ඇත.

    අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම මගින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම් කරන බව ද එහි සඳහන් වේ.

    ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්‍රමුඛ පියවරක් වනු ඇති බවද ජනපතිවරයා පවසයි.

    දෙරටෙහි අඛණ්ඩ සංවාදයට අපගේ සහාය ලබා දෙන අතර, කලාපීය සාමය අපගේ යුගයේදීම අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව සහතික වශයෙන් ප්‍රකාශ කර සිටින බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සිය පණිවිඩයෙන් දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 2025

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,389 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,334 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ආර්ථික ස්ථාවරත්වය සහ ජාතික සමගිය වෙනුවෙන් රජය ගන්නා උත්සාහය වතිකානුවේ පැසසුමට

    November 4, 20250121 Views

    රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට…

    දුම්රියේ තනතුරු කිහිපයකට කාන්තා නිලධාරීන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

    November 4, 2025

    STF එකට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ 150ක්

    November 4, 2025

    ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනයට කැබිනට් අනුමැතිය

    November 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.