Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි
    Featured

    මාස 7කට වෙඩිතැබීම් 79ක් – ජීවිත 52ක් අහිමිවෙයි

    By LFNMay 10, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගතවූ මාස 7 තුළ වෙඩිතැබීමේ සිදුවීම් 79ක් සිදුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.

    පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දින සිට පසුගිය (08) දක්වා වූ කාලය තුළ සිදුව ඇති එම වෙඩිතැබීම්වලින් පුද්ගලයින් 52ක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයින් 35ක් තුවාල ලබා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම වෙඩිතැබීම්වලින් 62ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සිදුකර ඇති අතර, වෙඩිතැබීම් 17ක් අනෙකුත් ඒවා වේ.

    කෙසේවෙතත් මේ වනවිට වෙඩිතැබීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 260ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 229ක් සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගෙන ඇති අතර, පසුගිය 2022, 2023 සහ 2024 යන කාලය දෙස බැලීමේ දී අපරාධවල කැපීපෙනෙන වර්ධනයක් සිදුව නොමැති බව ද පැවසු අමාත්‍යවරයා, කුමන තත්ත්වයක් තුළ ද අහිමිව යන්නේ මනුස්ස ජීවිතයක් බව ද සඳහන් කළේය.

    රජය විසින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දු ගෙන ඇති අතර, නව රජය බලයට පත්වීමෙන් අනතුරුව වෙඩි තැබීම්වල බරපතළ වර්ධනයක් ඇතැයි පිළිගත නොහැකි බව ද පැවසීය.

    “මේ පාතාලය මර්දනය කිරීම පිළිබඳව දශමයකින් හෝ අපේ ධෛර්ය අඩුවෙලා නෑ. අපි ඒ වෙනුවෙන් තීන්දු තීරණ රාශියක් අරගෙන තියෙනවා. ඒ අනුව දැක්මක් සැලසුමක් අනුව අපි මේ කටයුත්ත කරමින් ඉන්නවා. ඒක මත්ද්‍රව්‍ය සහ පාතාලය දෙකම ඒකාබද්ධව. ඒ වගේම මේ වෙඩිතැබීම් ගැන අධ්‍යයනය කරපුවහම 2022,2023,2024 කැපී පෙනෙන වර්ධනයක් දකින්න නෑ. නමුත් අපි කිසිදු වෙඩිතැබීමක් ලඝුකොට තකන්නේ නෑ. හැම මනුස්ස ජීවිතයක්ම වටිනාකමක් සහිතව සලකමින් කටයුතු කරන්නේ. ඒ නිසා පාතාල මර්දනය ගැන අපි රජයක් විදියට ගන්න පුළුවන් ඉහළම තීන්දු තීරණ අරගෙන තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.