Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි
    Local News

    වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි වෙසක් දන්සල් ලියාපදිංචිය ඇරඹෙයි

    By LFNApril 29, 2025No Comments2 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ දන්සල පවත්වන ස්ථානයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී අදාළ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බවය.

    මැයි මස 09 වන දිනට පෙර දන්සල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළ යුතු බව චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා,

    “දිවයින පුරා කුමන හෝ දන්සලක් ඔබ විසින් ලබාදෙනවා නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ ලියාපදිංචි කිරීමේ කටයුතු ඔබ අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ලබාගන්න පුළුවන්. එම නිසා සෞඛ්‍ය සම්පන්න දන්සලක් ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් සහ ලියාපදිංචි කිරීමේ කටයුතු ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හමුවී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් සිදුකරන ලෙස අප සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

    “මේ වනකොට දිවයිනේ යම් යම් ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින නිසා විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් දෙන දන්සල් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව සියලුම දන්සල් පරික්ෂා කිරීමේ කටයුතු සිදුකරනවා.දන්සැල් පුර්ව පරික්ෂාවක් සහ දන්සල් ලබාදෙන දිනයේ පරික්ෂා කිරීම යන කටයුතු සියල්ල දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් සිදුකරනු ලබනවා. විශේෂයෙන් දන්සල් ලබාදීමට ප්‍රථම දන්සල් ලබාදෙන ස්ථානයේ ජලය සහ ස්ථානීය පරික්ෂාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදුකරනු ලබනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.