Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් දසුන්ට කැඳවීමක්
    Featured

    ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් දසුන්ට කැඳවීමක්

    By LFNApril 18, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ ගුජරාට් ටයිටන්ස් ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හදිසි කැඳවීමක් ලැබී ඇත.

    ඒ අනුව ෂුබ්මන් ගිල් නායකත්වය දරන ගුජරාට් ටයිටන්ස් විසින් ශානකව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (මෙරට රු.කෝ. 2.5කට වැඩි) මිලදී ගෙන ඇත.

    කෙසේ නමුත් ශානකට ටයිටන්ස් කණ්ඩායම අලුත් අත්දැකීමක් නොවන අතර, ඔහු මීට පෙර 2023 වසරේදී එවක නායකත්වය දැරූ හාර්ඩික් පාන්ද්‍යා යටතේ ද මෙම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකර ඇත.

    එහිදී පසුපෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදී එම තරග තුනේදී ශානක ලකුණු 26ක් ලබාගත්තේය.

    කෙසේ නමුත් එහිදී පන්දු යැවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 තරග 102කට ක්‍රීඩාකර ඇති ශානක පන්දුවට පහරදීමෙන් ලකුණු 1456ක් ලබාගෙන ඇති අතර, ඊට අර්ධ ශතක 5ක් ඇතුළත්ව ඇත.

    ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 122.46ක් ලෙස සටහන්වී තිබේ.

    එමෙන්ම පන්දු යැවීමෙන්ද දක්ෂතා දක්වා ඇති ඔහු විස්සයි20 ජාත්‍යන්තර කඩුලු 33කට හිමිකම් කියයි.

    හයිද්‍රාබාද්හිදී පැවති සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහි තරගයේදී ග්ලෙන් පිලිප්ස් ආබාධයකට ලක්විය.

    ඒ හේතුවෙන් ඔහුව තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කරන ලදී.

    මේ වනවිට පිලිප්ස් යළි නවසීලන්තය බලා පිටත්ව ගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.