මොරටුව ලුනාව ප්රදේශයේ නිවාසක ඊයේ (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම ගින්න හටගෙන ඇතැයි වාර්තා වේ.
පසුව වහා ක්රියාත්මක වූ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ගින්නෙන් නිවසට දැඩි ලෙස හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
