Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කරයි
    Featured

    සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කරයි

    By LFNApril 11, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘සහස්දනවි’ විදුලි බලාගාරය සඳහා විදුලිබල මිළදී ගැනීමේ ගිවිසුමට (PPA) අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

    නිවේදනයක් නිකුත්කරමින් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන බවයි.

    ඒ අනුව වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවත් මෙහි දැක්වේ.

    ශ්‍රී ලංකාවේ ගෘහස්ත සහ ව්‍යාපාරික පාරිභෝගිකයන් සඳහා විශ්වසනීය හා අඩු මිලට විදුලිබලය ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වේ.

    ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම අනුමතකළ මෙගාවොට් 350ක මෙම සහස්දනවි සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලය පවසයි.

    එම බලාගාරය පළමුව විවෘත චක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් මාස 30ක් ඇතුළත ජාතික විදුලි ජාලයට විදුලිය සපයනු ඇත.

    ඉන් අනතුරුව තවත් මාස 12කින් එය සම්පූර්ණ සංයුක්ත චක්‍රීය මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

    මෙම බලාගාරය ප්‍රතිවායුකෘත – ද්‍රවීකෘත ස්වාභාවික වායුව (R-LNG) භාවිතයෙන් ක්‍රියාත්මක වන බැවින් ශ්‍රී ලංකාවේ පුළුල්වන පුනර්ජනනීය බලශක්ති අංශයට අත්‍යවශ්‍ය සහයක් සපයනු ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් දන්වා සිටියි.

    විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ සුළං වේගය අඩුවන අවස්ථාවලදී එම බලාගාරයට ඉල්ලුම අනුව ක්‍රියාත්මක කළ හැකි නම්‍යශීලී බලශක්තියක් සැපයීමේ සුවිශේෂී හැකියාවක් මෙම බලාගාරයට ඇත.

    එමගින් එයට සූර්ය හා සුළං විදුලි උත්පාදනවල ඇතිවන වෙනස්කම් සමතුලිත කිරීමට හැකියාව තිබේ.

    2028 වනවිට සහස්දනවි සහ අනෙකුත් එවැනි බලාගාර සියල්ල ඩීසල් ඉන්ධනයෙන් සම්පූර්ණයෙන්ම R-LNG වෙත පරිවර්තනය කෙරෙණු ඇත.

    ඒ අනුව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙන්නේ එම පරිවර්තනයෙන් පසු ඉන්ධන පිරිවැය ආසන්න වශයෙන් 50%කින් අඩුකර ගත හැකිවන බවත්, දූෂිත වායු විමෝචන ප්‍රමාණයද සැලකිය යුතු ලෙස පහළ දැමිය හැකි බවයි.

    මෙම පරිවර්තනය මගින් ශ්‍රී ලංකාවට සූර්ය හා සුළං විදුලි ජනන ධාරිතාව පුළුල් කරගැනීමට හැකිවන අතර, ජාතික විදුලි ජාලයේ අත්‍යවශ්‍ය විශ්වසනීයත්වය රැකගැනීමටද හැකිවනු ඇත.

    R-LNG භාවිතා කර සංයුක්ත චක්‍රීය මෙහෙයුම්වලට මාරුවීමෙන් පසු, සහස්දනවි බලාගාරයේ ජනන පිරිවැය විදුලි ඒ්කකයක් සඳහා රුපියල් 37ක් පමණ වනුඇති බවද විදුලිබල මණ්ඩලය පවසයි.

    එමගින් ගෘහස්ත, ව්‍යාපාර හා කාර්මික අංශ සඳහා විදුලි ගාස්තු අඩු කිරීමට අවස්ථාව උදාවන අතර, දේශීය ආර්ථිකයේ ස්ථාවරභාවය ශක්තිමත් වනු ඇති බවත් එහි දැක්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 202606 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින්…

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.