Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
    Featured

    අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

    By LFNApril 11, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (11) බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත්කළ නිවේදනයට අනුව අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

    එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වැඩිදුරටත් පැවසීය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ අවස්ථාවක් ඇත.

    තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    මේ අතර මේ දිනවල දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන්කරන බැවින් අද දිනයේ ද ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතියි.

    ඒ අනුව අද දහවල් 12:11ට මානින්ගමුව, රඹෑව, කහටගස්දිගිලිය, ඊතලවැටුන වැව සහ මුතුර් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026

    ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාර නීතීඥවරිය රිමාන්ඩ්

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 202606 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින්…

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.