Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 34කට පසු යළි විවෘත වූ වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය
    Featured

    වසර 34කට පසු යළි විවෘත වූ වසාවිලාන් – පලාලි ප්‍රධාන මාර්ගය

    By LFNApril 10, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති යුදමය තත්ත්වය මත වසර 34ක් පුරා වසා තිබූ වසාවිලාන් – පලාලි මාර්ගය අද (10) උදෑසන යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.

    ඒ ප්‍රදේශවාසීන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීම මත බව වාර්තා විය.

    මෙම මාර්ගය අධි ආරක්ෂක කලාපයක් සහ යුද හමුදා නිල නිවාස හරහා දිවෙන බැවින් ආරක්ෂක හේතුන් මත නීතිරීති මාලාවක් යටතේ මහජනතාවට විවෘත කිරීමට පියවර ගෙන ඇත.

    ඒ අනුව මෙම මාර්ගය මහජනතාවට විවෘත වන්නේ උදෑසන 6 සිට සවස 5 දක්වා පමණි.

    මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් සහ රියදුරන් අවශ්‍ය වූ ඕනෑම මොහොතක දී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට සුදානමින් සිටිය යුතුය.

    අදාළ මාර්ගයේ කිසිවිටෙකත් පයින් ගමන් කිරීම හෝ පාපැදියෙන් ගමන් කිරීම තහනම් වන අතර මගී ප්‍රවාහන බස්රථ හැර අනෙකුත් බර වාහන කිසිවක් ධාවනය කළ නොහැකිය.

    එමෙන්ම කිසිවිටෙකත් රථ වාහන මාර්ගයේ නවතා තැබීමක් හෝ හැරවීමක් සිදුකළ නොහැකිය.

    කිසිදු මොහොතක ඡායාරූප ගැනීම හෝ පටිගත කිරීම තහනම් බව ද අදාළ මාර්ගයේ සවිකර ඇති පුවරුවේ සඳහන් වේ.

    මේ අතර, ධාවනය කළ හැකි උපරිම වේගය පැයට කිලෝ මීටර් 40ක් බව ද දැනුම් දී ඇත.

    මාර්ගය ආරම්භක ස්ථානයේ මෙම නීතිරීති සඳහන් කරමින් දැන්වීම් පුවරුවක් සවිකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් නීතිරීත කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පිවර ගන්නා බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.