Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චිකුන්ගුන්යා – වැඩිම රෝගීන් වාර්තා වීම බස්නාහිරෙන්
    Featured

    චිකුන්ගුන්යා – වැඩිම රෝගීන් වාර්තා වීම බස්නාහිරෙන්

    By LFNApril 10, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි.

    වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ගහණයේ වැඩිවීමක් පවතින හෙයින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීමෙන් ”චිකුන්ගුන්යා” රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවය.

    ලොව රටවල් 115ක පමණ ව්‍යාප්ත වී ඇති ”චිකුන්ගුන්යා” රෝගය මේ වනවිට ශ්‍රී ලංකාව තුළද පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

    මේ වනවිට මෙරටින් ‘චිකුන්ගුන්යා’ රෝගීන් 190ක් වාර්තා වී ඇති අතර ඉන් 65ක් ‘චිකුන්ගුන්යා’ රෝගීන් බවට සායනිකව තහවුරු වී තිබේ.

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

    මේ අතර ඩෙංගු යළි හිස ඔසවමින් පවතින පසුබිමක අද වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 37 දෙනෙකු ඇතුළුව රෝගීන් 87 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඒ අනුව රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය කඩිනමින් පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ.

    මේ අතර විදෙස් රටක සිට මෙරටට පැමිණි හොරණ ඇල්ලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට මැලේරියා රෝගිය වැළඳී ඇති බවට හොරණ දිස්ත්‍රික් රෝහලේ දී තහවුරු වී තිබේ.

    පරීක්ෂණ සිදුකරන කළුතර මැලේරියා රෝග මර්දන ඒකකයේ සෞඛ්‍ය කීට විද්‍යා අංශය පැවසුවේ ඔහු පදිංචි ප්‍රදේශයේ මැලේරියා ප්‍රධාන වාහක මදුරුවන් හමුවී නැතැත් ද්වීතික වාහක මදුරුවන් හමුවී ඇති බවය.

    ඒ අනුව සෞඛ්‍ය කීට විද්‍යා අංශය විසින් ප්‍රදේශය අවට ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රතිරෝධක මදුරුදැල් ලබාදීම සිදුකරණු ලැබීය.

    මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස 2016 වසරේදී ශ්‍රී ලංකාව නම් කළද මේ වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

    ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සංචාරය කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.