වාලච්චේන, මන්නන්කර්ති ප්‍රදේශයේ ළිඳකට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (09) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් වූ මන්නන්කර්ති, කාවත්තමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇති අතර වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.