Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක් අවශ්‍යයි
    Featured

    ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක් අවශ්‍යයි

    By LFNApril 8, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කළුතර කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කඳවුරේ ඊයේ (07) පැවති 82 වන මූලික පුහුණු පාඨමාලාව හැදෑරූවන්ගේ විසිර යාමේ උත්සවයට එක් වෙමිනි.

    තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවාද, ගෞරව කරනවාද යන්න කෙනෙකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා ආධුනික පොලිස් නිලධාරීන්ට ඇරයුම් කළේය.

    බොහෝ ක්ෂේත්‍ර බිඳවැටුණු මොහොතක රට පරිවර්තනීය යුගයකට ගෙන යාමට පුරවැසියා දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලන අධිකාරිය පර්වර්තනය කළ පමණින් රටක් සාර්ථක නොවන බවත් සියලු ක්ෂේත්‍රවලම සුබවාදී පරිවර්තනයක අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

    මහජන අපේක්ෂාවේ භාරය, නවක පොලිස් නිලධාරින්ට පැවරෙන බවද එය ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධවලට, මත්ද්‍රව්‍යවලට මේ රට ගොදුරක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

    තරුණ පරම්පරාව මාතෘ භූමියේ වගකීම සිය දෙවුර මත දරා තමාගේ අනාගතයත් රටේ අනාගතයක් සුබවාදී දිශානතියකට ගෙන යෑමට උත්සුක විය යුතු බවද, මෙලෙස, අද දින ශ්‍රී ලංකා පොලිස් නිත්‍ය සේවයට එක්වීම ශක්තිමත් පියවරක් ලෙස සියල්ලෝම සිහි තබා ගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    හදිසි ආපදා තත්ත්වයක් යටතේ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කාර්ය බලකාය සිදු කර තිබෙන සේවය ඉතා ප්‍රශංසනීය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල් 231ක් මෙම පෙළපාලියේදී විසිර ගියහ.

    පුහුණු පාඨමාලාවේදි විශේෂ දක්ෂතා දක්වන ලද නිලධාරීන්ට සහතිකපත්‍ර සහ සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.

    විසිර යාමේ උලෙළට එක් වූ ජනාධිපති අනුර කුමර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

    විශේෂ බලකායේ නිලධාරීන් විසින් සංග්‍රාමික භූමියේ සිදු කරන මෙහෙයුම් සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිණි.

    “නියතයි ජය” යන්න සිය තේමා පාඨය කර ගනිමින් 1983 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ ප්‍රභූ ආරක්ෂාව, අපරාධ, සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට යොදවා සිටින කීර්තිමත් ඒකකයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.