Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද

    April 28, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙවුන්දර දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කළ වෙඩික්කරු මාට්ටු
    Featured

    දෙවුන්දර දී තරුණයින් දෙදෙනෙක් ඝාතනය කළ වෙඩික්කරු මාට්ටු

    By LFNApril 8, 2025No Comments2 Mins Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

    සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින්ය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    මේ අතර හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළෙඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට වෙඩිතැබීමේ සිද්ධය ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු ඊයේ (07) හිකකඩුව පොලිස් වසමේ ගිනිමැල්ලගමහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු වයස අවුරුදු 23ක් වන ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පසුගිය 03 වන දින රාත්‍රී කාලයේ හික්කඩුව පොලිස් වසමේ කුමාරකන්ද ප්‍රදේශයේ මාර්ගය අසල නිමි ඇඳුම් වෙළඳසැලක් ආසන්නයේ රැඳී සිටි කාන්තාවකට හා පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා තිබුණි.

    එහිදී ඔවුන් දෙදෙනා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද

    April 28, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    චීවරධාරීන් පිරිස මෙහෙයවූ ප්‍රධාන චීවරධාරියා රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

    April 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද

    April 28, 202602 Views

    “ ඒහි පස්සිකෝ “ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි. අද (28) දහවල් 12ට…

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    වසර 7ක ශම්මිගේ ආධිපත්‍ය අවසන් වෙයිද?

    April 27, 2026

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    April 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.