Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දඹුල්ල කෘෂි ගබඩාව විවෘත කිරීම ගැන හර්ෂ තැබූ සටහන
    Featured

    දඹුල්ල කෘෂි ගබඩාව විවෘත කිරීම ගැන හර්ෂ තැබූ සටහන

    By LFNApril 6, 2025No Comments2 Mins Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටට පැමිණි ඉන්දීය අග්‍රමාත්‍යවයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එක්ව විවෘත කරන ලද දඹුල්ලේ අපි ඇරඹු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණය සම්බන්ධව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ මගින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ මෙය විවෘත කිරීම රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් බවත් ඒ හේතුවෙන් තමන් මෙය විවෘත කිරීම සම්බන්ධව අවංකව සතුටට පත්වන බවය.

    ඒ සම්බන්ධව මන්ත්‍රීවරයා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින්,

    “අද මගේ ජීවිතයේ තවත් ඓතිහාසික දවසක්. එසේ වන්නේ දඹුල්ලේ අපි ඇරඹූ උෂ්ණත්වය සහ තෙතමනය පාලිත කෘෂි ගබඩා සංකීර්ණයේ වැඩ අවසන් කර එය මෝදි අගමැතිවරයා සහ අනුර ජනාධිපතිවරයා විසින් විවෘත කිරීම නිසයි.

    මෙය විවෘත කිරීමට ලැබීම රටක් ලෙස ජයග්‍රහණයක්. ඒ පිළිබඳව මා අවංකවම සතුටු වෙනවා.

    අපි විසින් මෙය ඉදිරියට රැගෙන යාම සඳහා අව්‍යශ ව්‍යාපාරික සැලසුම පවා හදලයි තිබු⁣ණේ. යහපාලන ආණ්ඩුව පරාජය වීම නිසා මෙම ව්‍යාපෘතිය අපිට අවසන් කර ගැනීමට නොහැකි වුණා.

    පසුව, බලයට පැමිණි අයට මෙහි වැඩ අවසන් කිරීමට සැබෑ වුවමනාවක් තිබුණේ නෑ. අපි ගොඩනැගූ ව්‍යාපාරික සැලසුමෙන් මේ ආණ්ඩුව ප්‍රයෝජනයක් ගනු ඇතැයි මා විශ්වාස කරනවා.

    ගොවියන්ගේ එළවළු සහ පළතුරු අස්වැන්න අවශ්‍ය විට ගබඩා කරමින් කළමනාකරණය කිරීම වෙනුවෙන් මෙට්‍රික් ටොන් 5,000 ක ධාරිතාවයෙන් යුතු උෂ්ණත්වය සහ තෙතමනය පාලිත මෙරට පළමු කෘෂි ගබඩා සංකීර්ණය ලෙසයි අපි මෙය ආරම්භ කළේ.

    මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට එදා මා සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා වූ තරංජිත් සිං සාන්ධු මහතා සහභාගී වුණා.

    ඉන්දීය රජයේ මුදල් ප්‍රදානයක්ද සහිතව ඉදිකළ මෙම වැඩසටහන එදා අපි නම්කළේ “ප්‍රභාෂ්වර – ගොවි දිවියේ නව්‍ය හැරවුම” නමිනුයි.

    මෙම ශීතාගාර සංකීර්ණය විවිධ උෂ්ණත්ව සහ තෙතමන මට්ටම්වලින් යුත් කොටස් හයකින් සමන්විත අතර අස්වැන්න වැඩි කාලයට ඉතාමත් සහන මිලකට මෙම ශීතාගාරයේ තම අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව ප්‍රදේශයේ ගොවීන්ට ලබාදීමටයි අපි සැලසුම් කළේ.

    මෙම ශීතාගාර සංකීර්ණය ඉදිකිරීමේ අවස්ථාවට එදා මා සහභාගී වෙමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයා ලෙස මෙසේ කිව්වා. ඒ බව මාධ්‍ය විසින් වාර්තා කර ති⁣බෙනවා.

    මෙරට ගොවීන් අස්වැන්න වැඩි කාලයට අතිරික්ත අස්වැන්න අලියන්ට කන්න විසිකරනවා. මෙම ප්‍රශ්නයට උත්තරයක් දෙන්න මට බොහෝ කාලයක සිට වුවමනාවක් තිබුණා. මේ සඳහා මම උනන්දු වුණේ 2002 වසරේ ඉඳලයි. මම ඒ කාලයේ ගොවියන්ට නිසි වේලාවට වෙළඳපොළ තොරතුරු දෙන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයත් එක්ක එකතුවෙලා ගොවිඥාන කියල වැඩසටහනක් කළා. මට එදා තිබුණු වුවමනාව ඉෂ්ට කරගන්න අද අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා.

    මෙම ව්‍යාපෘතියෙන් පසුව මධ්‍යම පළාත ආවරණය කරමින් කැප්පෙටිපොළත්, උතුරු පළාත ආවරණය කරමින් යාපනයේත්, දකුණු පළාත ආවරණය කරමින් ඇඹිලිපිටියේත් මෙවැනිම කෘෂි ගබඩා සංකීර්ණ ඉදිකිරීමටයි අපි “ප්‍රභාෂ්වර“ වැඩසටහන මගින් සැලසුම් කර තිබුණේ.
    එය යථාර්තයක් බවට පත්කිරීමට අනුර ජනාධිපතිවරයාට හැකිවේවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කස්සප හිමි ඇතුළු පිරිස පෙබරවාරි 9 වනදා දක්වා රිමාන්ඩ්

    February 2, 2026

    රුපියල් ලක්ෂ 80ක අයිස් මත්ද්‍රව්‍ය සමග යුවළක් අත්අඩංගුවට

    February 2, 2026

    නොහික්මුණු රියදුරෙකුගේ වරදින් දරුවෙකුට දිවි අහිමිවෙයි

    February 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.