Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්
    Featured

    සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

    By LFNApril 6, 2025No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබේ.

    ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

    සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී – ආර් සංකල්පයට” අනුගත වීම සඳහා එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

    බොහෝ රාජ්‍ය ආයතන නාගරික ප්‍රදේශ කේන්ද්‍රගතව පිහිටා ඇති අතර එම ආයතන වෙත දෛනිකව පැමිණෙන විශාල ප්‍රමාණයක් හෝ රාජ්‍ය සේවකයින් හරහා නිර්මාණය වන අපද්‍රව්‍ය පාලනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ඒ අනුව රාජකාරී කටයුතුවලදී හැකිතාක් දුරට කඩදාසි භාවිතය අවම කිරීම, තනි භාවිත ප්ලාස්ටික් භාවිතය අධෛර්යමත් කිරීම සහ පරිසර හිතකාමී විකල්ප භාවිතය මගින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙයි.

    අපද්‍රව්‍ය නිසි පරිදි එක්රැස්කිරීම සහ බැහැරකිරීම පිළිබඳව සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම පිළිබඳව ද අදාළ චක්‍රලේඛය මගින් දැනුවත් කර තිබේ.

    මෙම චක්‍රලේඛය බලාත්මක දින සිට මාස 6ක කාලසීමාවක් ඇතුළත ස්වකීය ආයතන සදහා විධිමත් කසල කළමනාකරණ සැලැස්මක් සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 202600 Views

    මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය…

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.