Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්
    Featured

    වැලිකඩ පොලිස් භාරයේ සිටි තරුණයාගේ මිය යාම ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

    By LFNApril 6, 2025No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධව නීතීඥ සංගමයේ දැඩි කනස්සල්ලට හේතුවී ඇති බැවින් මේ සම්බන්ධව ක්ෂණික සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයායෙන් ඉල්ලා සිටින බවය.

    එමෙන්ම මේ සම්බන්ධව සිදුවන සිදුවීම් නීතීඥ සංගමය සමීපව නිරීක්ෂණය කරන බවත් සිද්ධිය සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව සහ නීතියේ ආධිපත්‍ය සහතික කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක්ද ගනු ඇති බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් සඳහන් කර තිබේ.

    එමෙන්ම දශක ගණනාවක් පුරාවට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතන එවැනි සිදුවීම් වැළැක්වීම් සඳහා දැඩි ප්‍රවේශමෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් මෙවැනි සිදුවීම් යුක්තිය පසිඳලීමේ ක්‍රමය කෙරෙහි විශ්වාසය කඩ කිරීම් බවත් නීතීඥ සංගමය සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

    එමෙන්ම අත්අඩංගුවේ පසුවන පිරිස් මරණයට පත්වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවන බවත් එම සිද්ධීන් හී වරදකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කඩිනම් පියවර සහ පියවර ගැනීම් සඳහා බලධාරීන් මන්දගාමී වීම පිළිබඳවද නීතීඥ සංගමය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

    තවද එවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සහ ඊට අදාළ පිරිස් වෙත දඬුවම් නොකිරීම පිළිබඳ රජය වෙත චෝදනා එල්ල වන බවත් එම ලිපිය මගින් දක්වා තිබේ.

    මේ හේතුවෙන් අත්අඩංගුවේ පසුවන පුද්ගලයින්ගේ මරණ සම්බන්ධව අනුගමනය කළ හැකි පියවරයන්ට නීතීඥ සංගමය සහය දක්වන බවත් ඒ සම්බන්ධව සිය සංගමය ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට සහාය වීමට කැමැත්තෙන් පසුවන බවද නීතීඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටක් සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 2025

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරයේ වාර පරීක්ෂණ ගැන දැනුම්දීමක්

    December 16, 20250117 Views

    2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 සිට 10 ‍ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම…

    අසීරු මොහොතේ ශ්‍රී ලංකාවට සහාය වන අයුරු ලෝක බැංකුව කියයි

    December 16, 2025

    අම්බුළුවාව තහනම් නියෝගය දීර්ඝ කෙරේ

    December 16, 2025

    නාය අවදානමක් හේතුවෙන් බදුල්ලේ රෝහලක් වසා දමයි

    December 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.