Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දීය අගමැති මෝදි අද අනුරාධපුරයට
    Featured

    ඉන්දීය අගමැති මෝදි අද අනුරාධපුරයට

    By LFNApril 6, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමට නියමිතව තිබේ.

    ශ්‍රී මහා බෝ සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව – අනුරාධපුර දුරකථන සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

    නවීකරණය කරන ලද මහව – ඕමන්ත දුම්රිය මාර්ගය විවෘත කිරීම ද අද පෙරවරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

    මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ අනුරාධපුර සංචාරය හේතුවෙන් අද දිනයේ අනුරාධපුර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

    අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ශ්‍රී මහා බෝධිය දක්වා වූ රෝහල් වටරවුම, හරිස්චන්ද්‍ර මාවත, පළාත් සභා වටරවුම, ඔරලෝසු කණුව වටරවුම සහ කුරුණෑගල හන්දිය දක්වා වූ මාර්ගයන් පෙරවරු 8.30 සිට විටින් විට වසා තබන බව පොලීසිය සඳහන් කළේය.

    ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ගමන් ගන්නා මාර්ග සහ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට ගුවන් හමුදා කඳවුර දක්වා ගමන් ගන්නා මාර්ග ද අද පෙරවරු 11 තෙක් විටින් විට වසා තැබීමට නියමිතයි.

    මෙම මාර්ග වසා තැබෙන අවස්ථාවල දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.