Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ වැසෙන පාරවල් ගැන පොලීසියෙන් අලුත්ම නිවේදනයක්
    Featured

    කොළඹ වැසෙන පාරවල් ගැන පොලීසියෙන් අලුත්ම නිවේදනයක්

    By LFNApril 5, 2025No Comments3 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් සිදුකරන රථවාහන සැලැස්මට අනුව කොළඹ අවට මාර්ග වසාතැබෙන ආකාරය ගැන පොලීසිය විසින් අද (5) අලුත්ම නිවේදනයක් නිකුත් කළේය.

    අද (5) දිනයේ සිදුකරන මෙම විශේෂ රථවාහන සැලැස්ම හේතුවෙන් මාර්ගයන් වසා තැබෙන කාලය තුළ පහත සඳහන් විකල්ප මාර්ග මහජනතාවට සහ රියැදුරන්ට භාවිතා කළහැකි බව එම නිවේදනයේ දැක්වේ.

    ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීම

    මාර්ගය වසාතැබීම – ගාලු මුවදොර සිට නිදහස් චතුරශ්‍රය දක්වා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ගමන් කිරීමට නියමිත අතර පෙ.ව. 8 සිට අග්‍රාමාත්‍යවරයා නැවත පැමිණෙනතුරු ගාලු මුවදොර වටරවුම, ගාලු පාර කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, රතු කුරුස හන්දිය, මාකස් ප්‍රනාන්දු මාවත, පුස්තකාල හන්දිය, ග්ලාස් හවුස් හන්දිය, ඇල්බට් ක්‍රසන්ට්, නන්දා මෝටර්ස් හන්දිය, නිදහස් මාවත, නිදහස් වටරවුම නිදහස් චතුරශ්‍රය දක්වා මාර්ගයන් වසා තැබේ.

    විකල්ප මාර්ග – කොළඹට ඇතුළුවන වාහන තුම්මුල්ල, බෞද්ධාලෝක මාවත, විජේරාම හන්දියෙන් වමට,හොර්ටන් විජේරාම, ඇස් වාට්ටුව හරහා කොළඹ දෙසට ගමන්කළ හැක.

    කොළඹින් පිටවීම – ධර්මපාල මාවත, ඇස් වාට්ටුව, හෝර්ටන් වටරවුමෙන් වමට හැරී බෞද්ධාලෝක මාවත ඔස්සේ පිටවීම.

    ගාලු මුවදොර සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම

    මාර්ගය වසාතැබීම – ගාලු මුවදොර සිට ගාලු මැද පාර, ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා අග්‍රාමාත්‍යවරයා ගමන්කිරීමට නියමිත අතර එම මාර්ගය පෙ.ව. 9 සිට අග්‍රාමාත්‍යවරයා නැවත පැමිණෙනතුරු වසා තැබේ.

    විකල්ප මාර්ග – කොළඹට ඇතුළුවන වාහන කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරි ගංගාරාමය හරහා කොම්පඤ්ඤ වීදිය හන්දිය, සෙරමික් හන්දිය, කොළඹට ඇතුළුවිය හැක.

    කොළඹින් පිටවන වාහන සඳහාද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

    ගාලු මුවදොර සිට පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා ගමන් කිරීම

    මාර්ගය වසාතැබීම – ගාලු මුවදොර සිට ගාලු මැදපාර පැලවත්ත අපේ ගම පරිශ්‍රය දක්වා අග්‍රාමාත්‍යවරයා ගමන්කිරීමට නියමිත අතර ගාලු මුවදොර වටරවුම, කොල්ලුපිටිය හන්දිය, ධර්මපාල මාවත, ලිබර්ටි වටරවුම, පිත්තල හන්දිය, පුස්තකාල හන්දිය, ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් පොකුණ වටරවුම, හෝර්ටන් කිංසි හන්දිය, ඩඩ්ලි සේනානායක මාවත, ඩී.එස් හන්දිය, මොඩල් ෆාම් හන්දිය, කාසල් වීදිය, ආයුර්වේද හන්දිය,ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය, පොල්දූව හන්දිය, පාර්ලිමේන්තු මාර්ගය පැලවත්ත අපේගම පරිශ්‍රය දක්වා ප.ව. 4 සිට එම මාර්ගයන් වසා තැබීම හා අග්‍රාමාත්‍යවරයා නැවත පැමිණීම දක්වා එම මාර්ගයන්හි රථ පෙළ පසු කරනු ලබන මංසන්ධි අනුව පිළිවෙලින් එම මාර්ගයන් විවෘත කිරීම සිදු කරනු ලබයි.

    විකල්ප මාර්ග

    කොළඹින් පිටවීම – බණ්ඩාරනායකපුර හන්දිය, කොටා පාර ඔස්සේ බුත්ගමුව අඹගහ හන්දියෙන් දකුණට හැරී කොස්වත්ත හන්දියෙන් කඩුවෙල දෙසට

    පරණ කොටාපාර ඔස්සේ වැලිකඩ හන්දිය, නාවල පාර ඔස්සේ හයිලෙවල් මාර්ගයට

    කොළඹට ඇතුළුවීම – පැලවත්ත, පාලංතුන මංසන්ධියෙන් දකුණට හැරී කොස්වත්ත මාර්ගයේ අඹගහ හන්දියෙන් දකුණට හැරී අයි.ඩී.එච් හරහා පරණ අවිස්සාවේල් මාර්ගයෙන් කොළඹට ඇතුල්විය හැක.

    ගාලු මුවදොර සිට ජනාධිපති මන්දිරය දක්වා ගමන් කිරීම

    මාර්ගය වසා තැබීම – ගාලු මුවදොර සිට ජනාධිපති මන්දිරය දක්වා අග්‍රාමාත්‍යවරයා ගමන්කිරීමට නියමිත අතර ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මන්දිරය දක්වා ප.ව. 6 සිට අග්‍රාමාත්‍යවරයා නැවත පැමිණෙන තුරු එම මාර්ගය වසා තැබේ.

    විකල්ප මාර්ග – කොල්ලුපිටිය හන්දියෙන් පිත්තල හන්දියෙන් වමට හැරී ගංගාරාමය හරහා කොම්පඤ්ඤවීදිය හන්දිය, සෙරමික් හන්දියෙන් කොළඹට ඇතුළුවිය හැක.

    කොළඹින් පිටවන වාහන සඳහා ද එම මාර්ගය භාවිතා කිරීමට හැකියාව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202600 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.