Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර රැසක්
    Featured

    නිල්වලා ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු විසඳීමට පියවර රැසක්

    By LFNApril 5, 2025No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලින විසඳුමක් ලබා දෙන තෙක් ප්‍රදේශයේ වාරි ගැටලු විසඳීමට කෙටිකාලීන පියවර රැසක් යෝජනා වී තිබේ.

    මේ පිළිබඳව පසුගියදා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ මෙම ගැටලුව හා සම්බන්ධ සියලුම අමාත්‍යාංශ හා ආයතනවල නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මෙම යෝජනා කඩිනමින් ක්‍රියාවට නැංවීමට එකඟතාව පළ කෙරිණි.

    ඒ අනුව ලවණ බාධකය ඉදිකිරීමේදී ඉවත් කළ ගඟ අසල ඉඩමක ගොඩගසා ඇති පස් කන්ඩි ගංවතුර සමයේ ජලය පහසුවෙන් බැස යාමට හැකිවන පරිදි ඉවත් කිරීම, ලවණ බාධකය දෙපස ඉදිකර ඇති Sheet File බාධකයේ උස අඩුකර ජලය පහසුවෙන් බැස යාමට සැලැස්වීම, ගඟ පතුලෙහි පිරි ඇති වැලි ඉවත් කිරීම, ජල මාර්ග අවහිර වන සේ සැකසී ඇති බාධා ඉවත් කර පහසුවෙන් ජලය බැස යාමට හැකිවන පරිදි අතුරු ඇල මාර්ග පිරිසිදු කිරීම සහ කුඹුරුවල පිරෙන ජලය ඉවත් කිරීමට ඉදි කර ඇති ජල පොම්පාගාර නිසි පරිදි නඩත්තු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

    එසේම මාතර හිත්තැටිය, මැද රවුම් පාරේ ජීවත්වන ගම්වාසීන්ගේ අතුරු මාර්ග, ඉඩම් හා නිවාස වැසි කාලයේදී ජලයෙන් පිරී යාමට හේතුවන කාණු පද්ධතියේ ගැටලුවට අදාළව ඉදිරියේදී දිගු කාලීන විසදුමක් ලබා ගැනීමට අපේක්ෂාවෙන්, ඉදිරියේදී ඇති විය හැකි වැසි තත්ත්වය සලකා කෙටිකාලීන විසදුම් කිහිපයක්ද යෝජනා වී තිබේ.

    හිත්තැටිය 1 කණුව සිට දහනායක මාර්ගය ඔස්සේ පැමිණෙන ජලය, රවුම් පාරෙහි කාණු පද්ධතිය වෙත සම්බන්ධ කර ඇති කොටස ඉවත් කර එම ස්ථානයේ සිට නූපේ ඇළ දක්වා දහනායක මාර්ගය ඔස්සේ ජලය බැස යාමට නව කාණු පද්ධතියක් සකස් කිරීම සහ දැනට පවතින කාණු පද්ධතියේ ධාරිතාවය වැඩිකොට සංවර්ධනය කිරීමට ඒ අනුව කටයුතු කෙරේ.

    හිත්තැටිය මැද රවුම් පාරෙහි ජලය ගලා බැසීමට සකස් කර ඇති කාණු පද්ධතියෙහි ධාරිතාව වැඩිකර කාණු පද්ධතිය තුළ සවිකර ඇති දුරකථන රැහැන්, කාණු ජලය බැස යාමට බාධාවක් නොවන පරිදි සුදුසු වෙනත් ස්ථානයක සවි කිරීමටත්, රවුම් පාරේ මැද කොටසේ සිට හන්දයාවත්ත ප්‍රදේශය හරහා පාදිලියාවත්ත පාර ඔස්සේ නූපේ ඇළ දක්වා ජලය බැසයාමට දැනට පවතින කාණු පද්ධතියේ ධාරිතාව වැඩිකර අවහිරතා ඉවත් කර සකස් කිරීමටත් කටයුතු කෙරෙනු ඇත. එමෙන්ම ඉඩම පිළිබඳ අවසන් ගම්සභා සිතියම ලබා ගැනීමෙන් අනතුරුව එම ඉඩම හරහා ස්වභාවික ඇළ මාර්ගය තිබුණේද, නැද්ද යන්න තීරණය කිරීමට නියමිතය.

    මේ අතර නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලු සඳහා දීර්ඝ කාලීන විසඳුම් ලබාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් අධ්‍යයනයක් සිදු කිරීමට ආරම්භ කර ඇති ක්‍රියාවලිය යළි සමාලෝචනයට ලක් කර සලකා බැලීමටද තීරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 202600 Views

    මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය…

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.