Close Menu
Lanka Focus News
    What's Hot

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අධිවේගයේ දුර්වලතා වාර්තාවකින් හෙළිකරයි
    Featured

    අධිවේගයේ දුර්වලතා වාර්තාවකින් හෙළිකරයි

    By LFNApril 4, 2025No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිවේගී මාර්ගවල සිදුවන රථවාහන අනතුරු අවම කරගැනීම සඳහා යෝජනා කිහිපයක් සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේය.

    කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගය එම දුර ප්‍රමාණය සඳහා පවතින්නේ එකම සැපයුම් මධ්‍යස්ථානයක් වන අතර මෙම තත්ත්වය තුළ රියදුරන් අධික වෙහෙසට පත් වුවහොත් විවේක ගැනීම සඳහා ගැටලු මතුවන බව ඔහු පැවසීය.

    අධිවේගී මාර්ගයක ගමන් කිරීමේදී රථවාහනවල ගැටලු පමණක්ම නොව පුද්ගල ගැටලු මෙන්ම රියදුරන්ගේ වැටලු ද පවතින අතර මෙම කාරණා ද රිය අනතුරු සිදුවීමට බලපා තිබේ.

    නිදිමත, වෙහෙසකර බව මෙන්ම මාර්ගයේ පවතින මීදුම් සහිත තත්ත්වය සහ වෙනත් බාහිර කරුණු රියදුරන් මුහුණපාන තවත් අපහසුතා බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

    මෙම තත්ත්වයන්ට මුහුණපාන රියදුරන්ට විවේකගැනීම සඳහා ස්ථානයක් නොමැතිවීම බරපතළ කාරණයක් බව ඔහු සඳහන් කළේය.

    අවම වශයෙන් කිලෝමීටර් 50කට හෝ එක් නවාතැන්පොළක් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බව පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවලද රජයෙන් නඩත්තු කරනු ලබන මෙවන් ස්ථාන ස්ථාපිත කර තිබීම වැදගත් බව පෙන්වාදී ඇත.

    දැනට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් යතුරුපැදි හෝ මාර්ග නඩත්තු වාහන නතර කිරීම සඳහා ස්ථාන වෙන්කර ඇති අතර ඒවායේ මගී ප්‍රවාහන බස් රථ හෝ පෞද්ගලික වාහන නැවැත්වීමේ හැකියාවක් නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 202603 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ…

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.