Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෝදිගේ සංචාරය හේතුවෙන් වැසෙන පාරවල් ගැන අලුත්ම දැනුම්දීම
    Featured

    මෝදිගේ සංචාරය හේතුවෙන් වැසෙන පාරවල් ගැන අලුත්ම දැනුම්දීම

    By LFNApril 4, 2025No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (4) දිනයේ ද විශේෂ නිවේදනයක් සිදු කළේය.

    කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්ම සම්බන්ධව මීට පෙරද දන්වා සිටියේය.

    අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණෙන හෙයින් අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලැබේ.

    එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට දන්වා සිටි.

    හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබේ.

    ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව යන 6වනදා පෙ.ව 7.30 ත් 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරනු ලැබේ.

    එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමුකිරීම අවස්ථානුකූලව රථවාහන හසුරවන නිලධාරින් විසින් සිදු කරනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 2025

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    2025 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5.4%ක වර්ධනයක්

    December 15, 20250119 Views

    2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.4ක ධන වර්ධන වේගයක් වාර්තා කර…

    ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය

    December 15, 2025

    ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 15, 2025

    සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

    December 15, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.