Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී
    Featured

    අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේ දී

    By LFNApril 4, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    58වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ දී පැවැත්විණි.

    සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ අරමුණින් සිදුකරන මෙම ‘ජාතික අලුත් සහල් මංගල්‍යය” රජ සමයේ සිට පැවැත එන චාරිත්‍රයක්ය.

    ‘කලට වැසි වසිත්වා – කෙත්වතු සාරවත් වේවායි’ ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වී රටට, ජාතියට සෙත් පැතීම මෙහි අරමුණ වේ.

    අනුරාධපුර සිංහ කණුව අසල සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා පැමිණි අලුත් සහල් රැගත් පෙරහර ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලි මලුවට ගෙවැදීම සිදුකෙරුණි.

    මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමින්වහන්සේ අලුත් සහලින් රන් පත්‍රය පිරවීම ආරම්භ කළ අතර, ඊට ජනාධිපතිවරයා, රජයේ මැති ඇමතිවරුන් සහ ගොවි නායකයින්ද සහභාගි වූහ.

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මී පැණි පූජා කිරීම සඳහා ආදිවාදි උපනායක විසින් ජනාධිපතිවරයාට මී පැණි ලබාදීමත්, රත්නපුර මහ සමන් දේවාලය විසින් මල් පූජාව සඳහා අවශ්‍ය පූජා ද්‍රව්‍ය ලබාදීමත් මෙහිදී සිදුකෙරුණා.

    මෙහිදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් පවසා සිටියේ, රටේ ජනතාව තෘප්තිමත් නොකර කිසිදු ආණ්ඩුවකට ඉදිරියට යා නොහැකි බවයි.

    “අද තියෙන තත්ත්වය අනුව ඉතා විශාල පිරිවැයක් දරලා ගොවියාට සහන දෙන ආණ්ඩුව තෘප්තිමත් වෙන්නෙත් නෑ, ගොවියා තෘප්තිමත් වෙන්නෙත් නෑ, අතරමැදියන් සතුටට පත්වෙන්නෙත් නෑ, පාරිභෝගික ජනතාව තෘප්තිමත් වෙන්නෙත් නෑ.

    අපි ආර්ථික විද්‍යඥයෝ නෙමෙයි. ඒ නිසා මේ ගැටළුව සම්බන්ධයෙන් අපට නොපෙනෙන කුමක් හෝ අඩුපාඩුවක් තියෙනවා.

    රටේ ජනතාව තෘප්තිමත් නොකර කිසිදු ආණ්ඩුවකට ඉදිරියට යන්නත් බෑ පවතින්නත් බෑ.

    ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවි පවුල්වලට ලේ නෑකම් තියෙන නිසා මේ වගකීම ඉතාම තරයේ හිතට අරගෙන පිළියම් යොදනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපි හැම වෙලාවෙම ඉන්නේ ගොවියන්ගේ පැත්තේ” යනුවෙන් උන් වහන්සේ පැවසූහ.

    මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, ගොවි ජනාතාවට සංවර්ධනයක් අපේක්ෂා කළහැකි වන්නේ තමන් ආණ්ඩුව යටතේම පමණක් බවයි.

    ඒ ගැන වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    “අපි ඉතා හොදින් ගොවි ජනතාව මුහුණදෙන ගැටලු ගැන අවබෝධයක් තිබෙන මිනිස්සු.

    මේ රටේ ගොවි ජනාතාවටත් කෘෂිකර්මාන්තටත් සංවර්ධනයක් අපෙක්ෂා කළහැකි වන්නේ අපෙන්ම පමණයි”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.