Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 2025

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය
    Featured

    හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය

    By LFNApril 3, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

    2019 වසරේ පෙබරවාරි මස 17 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 16.88ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට නඩු පවරා තිබුණි.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවය.

    ඒ අනුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවත් විනිසුරුවරයා නියම කළේය.

    මෙසේ දඬුවම් ලැබූ පුද්ගලයා 47 වන වියේ පසුවන විවාහකයෙකු බවත් නඩු විභාගයේදී අනාවරණය වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025

    අද අලුයම හිරණ වෙඩිතැබීමක්

    July 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,016 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

    July 13, 202503 Views

    ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (13) දඹුල්ලේ පැවැත්වෙන දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය…

    ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තානාපති එරික් මේයර් ?

    July 12, 2025

    ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරේ මූලික වාර්තාවක් එළියට

    July 12, 2025

    උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 5 දක්වා

    July 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.