Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මාතලේ පොලීසියට අයුතු ලෙස ඇතුළු වූ පිරිසක් අත්අඩංගුවට
    Local News

    මාතලේ පොලීසියට අයුතු ලෙස ඇතුළු වූ පිරිසක් අත්අඩංගුවට

    By LFNApril 3, 2025No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතලේ පොලිස් ස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා ප්‍රසිද්ධ ස්ථානයක කලහකාරී ලෙස හැසිරීම යන චෝදනාව යටතේ පුද්ගලයින් පස්දෙනෙකුව අද (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහන්වර අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් හා මාතලේ වරකාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මාතලේ පොලීසිය පවසයි.

    මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරි එස්. එම්. එන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මාතලේ පොලිස් ස්ථානාධිපති උපුල් ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් අදාළ සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

    තරුණයින් පිරිසක් ඊයේ (02) පෙරවරුවේ මාතලේ නගරය හරහා පෙළපාළියකින් පැමිණ මාතලේ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබුණි.

    එම තරුණයන් පිරිස එඩ්වඩ් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී එම ස්ථානයට පැමිණි මාතලේ පොලීසියේ නිලධාරින් කිහිපදෙනෙකු තරුණයින්ව පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය තිබූ බවට අසත්‍ය චෝදනා නගමින් තරුණයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මෙම පිරිස විරෝධතාවය පැවැත්වූ බව වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාතලේ පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව මෙම ක්‍රීඩකයින් පරික්ෂා කිරීමේදී පුද්ගලයින් දෙදෙනෙකු සන්තකයේ තිබී ගංජා හමු වූ බැවින් ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

    අත්අඩංගුවට ගත් ගංජා සන්තකයේ තිබූ පුද්ගලයින් දෙදෙනා හා අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලින් පස්දෙනා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.