Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස්ගතව සිට මෙරට දී කරන තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිවෙයි
    Featured

    විදෙස්ගතව සිට මෙරට දී කරන තවත් මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළිවෙයි

    By LFNApril 2, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 113ක් හා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (01) උදෑසන කාලයේ එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    වත්තල පොලිස් වසමේ හේකිත්ත පාර වත්තල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක කාමරයක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත වත්තල පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.

    විමර්ශන සිදුකළ නිලධාරින් හට ලැඟුම්හලේ නාන කාමරයක් තුළ කාන්තාවක් සිහිසුන්ව සිටිනු නිරීක්ෂණය වී ඇත.

    එම කාන්තාව නැවත සිහි ගැන්වීමට කටයුතු කර ඇති අතර අනතුරුව ඇය පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 100ක් ඇය සන්තකයේ තිබීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    සැකකාරියගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මෙම කාන්තාව විදේශ ගතව සිටිමින් මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු සමග සමීප සම්බන්ධතා පවත්වන බවට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සුරක්ෂිතව තැබීම සඳහා ඇය වෙත ලබා දෙන ලද ටී 56 ගිනිඅවියක් හා පතරොම් 113ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

    මෙම සැකකාරියගේ මඟ පෙන්වීම මත ඇය පදිංචිව සිටින දෙවන විවාහයේ සැමියා පදිංචි රාගම ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිසිය විසින් එම අවිය හා පතරොම් සොයා ගෙන ඇත.

    එම ටී 56 ගිනිඅවිය හා පතරොම් සඟවා තිබූ හීන්කෙන්ද, රාගම නිවසේ පදිංචි සැකකාර කාන්තාවගේ වයස අවුරුදු 40ක් වන සැමියාද වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් මියයයි

    April 28, 202602 Views

    මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය…

    වොෂින්ටන් වෙඩික්කරුට ට්‍රම්ප් ඝාතන චෝදනා

    April 28, 2026

    අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට

    April 28, 2026

    අද කොළඹ එන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

    April 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.